IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළුතර සිද්ධියේ සැකකරුවන් හමුවන්න සී.අයි.ඩීය යයි

(ඉන්දිකා රාමනායක)

කළුතර නගරයේ ලැගුම් හලකට ගොස් සිටියදී එහි පස්වන මහලින් වැටී 16 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන්ගෙන් සිව්දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල කළුතර බන්ධනාගාරයට ගොස් සිද්ධියට අදාල ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

කළුතර මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගේ විශේෂ අවසර මත මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මියගිය පාසල් සිසුවිය හෝටලයට කැඳවාගෙන ආ යෙහෙළිය ඇගේ පෙම්වතා බව කියන තරුණයාගෙන්, ප්‍රධාන සැකකරුගේ මිතුරකු වන කවිදු අංජන නැමැති අයගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

මොවුන් සිව්දෙනාට අමතරව දැනට ඇප මත මුදාහැර සිටින එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිණියගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

 

 



අදහස් (0)

කළුතර සිද්ධියේ සැකකරුවන් හමුවන්න සී.අයි.ඩීය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site