
(සුමිත් පොතුපිටිය)
කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ජීවන බර, බදු මිල, විදුලි බිල , ත්‍රස්තපනත සහ විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජන අරගල ව්‍යාපාරය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාව සිදුකරන ලදී.
උදෑසන සිට කළුතර නගරයේ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර විරෝධතාව පැවැත් වූ ස්ථානය අවට පොලිස් කණ්ඩායම් රැසක් යොදවා තිබූ අයුරු දැකගත හැකි විය.
දැඩි අව් රශ්මිය මධ්‍යයේ විරෝධතාවය පවත්වන අතරතුර විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු අතැතිව බිම වාඩි වූ අතර, ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විරෝධතාකරුවන් වෙනුවෙන් ටෙන්ට් රෙද්දක් රැගෙන එන ලදී.
එසේ රැගෙන ආ ටෙන්ට් රෙද්ද පොලිස් භාරයට ගැනීමට යාමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව ටෙන්ට් රෙද්ද රැගෙන ආ පුද්ගලයින් සහ ඒ සඳහා සහාය දැක්වූ අය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ටෙන්ට් රෙද්දි සහ සිව්දෙනෙකු කළුතර දකුණ පොලිසියට රැගෙන යන ලදී.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර විරෝධතාකරුවන්- පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්
Kazi Shajahan Tuesday, 26 March 2024 03:56 PM
පොලිසියේ අය හොඳට කාලා බීලා ඉන්නවද.කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රටේ
Bamunuarachchi Tuesday, 26 March 2024 06:50 PM
ජන අරගලකාරයින්ගේ කොඳු කඩන්න. මොවුන් මේ ජේවීපී කුලීහේවායන්.