IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි බියකින් කලබලයක්

(සුමිත් පොතුපිටිය) 

කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි ආරක්ෂක සංඥා පද්ධතිය අද (13)  රාත්‍රි ක්‍රියාත්මක වීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගිනි බියකින් කලබලයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගිනි ආරක්ෂක සංඥා නාදවීමත් සමගින් කළුතර මහ නගර සභාවේ ගිනි නිවේමේ ඒකකය දැනුවත් කර,  ආරක්ෂක අංශ සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව නේවාසික රෝගීන් පිරිසක් රෝහල් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ගිනි නිවන භඨයින් ක්ෂණිකව   ළඟාවී පැයකට ආසන්න කාලයක් රෝහලේ විදුලි පද්ධතිය සහ රෝහල නිරීක්ෂණය කර , ආරක්ෂිත භාවය තහවුරු කරගැනීමෙන් පසු නේවාසික  රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නැවත රෝහල් තුළට යොමු කර තිබේ.

දෙවන මහලේ ස්ථාපිත ව්දුලි සංඥා දැනුම් දීමේ ස්විචයක් කිසියම් පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති බවත්, ඉන්පසු ගොඩනැගිල්ලේම ගිනි සංඥා එලාම් ක්‍රියාත්මක වී ඇති බවත් සඳහන්වේ.



අදහස් (0)

කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි බියකින් කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site