IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කළුතර නිවාස නිලධාරීන් පිරිසක් අහිංසකයන්ගේ මුදල්වලට විදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දිසාවේ අඩු ආදායම් ලාභීන් ලබාගත් නිවාස ණය වෙනුවෙන් ගෙවන ලද ණය වාරිකවලින්  රුපියල් කෝටි ගණනාවක මුදලක් වංචා කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය

ඒ හේතුවෙන් දැනටමත් එම කාර්යාලයේ ලිපිකරුවන්දෙනකුගේ හා ලිපිකාරිනියන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර ඇතැයි ද එම නිලධාරියා කීය

මෙම නිවාස ණය අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස ඉඳිකිරීමට ලබාදී ඇති අතර ආබාධිත රණවිරුවන් ද එම ණය මුදල් ලබා ගෙන ඇති අතර ලබාගත් ණය මුදල් කනකර උගස්කර ,කුලී වැඩ කර, මෙන්ම පදිංචි ඉඩම උගස් කර ද නිසියාකාරව ණය මුදල් ගෙවා ඇති අතර එලෙස ණය ලබාගත් සමහර පුද්ගලයන් ඔත්පළව සිටියත් ණය මුදල් නිසියාකාරව ගෙවා තිබූ බව එම නිලධාරියා කීය

ලබාදුන් ණය අය කර ගැනීම සඳහා පාර්ශව දෙකක් යොදවා ඇති අතර ණය අයකර ගැනීමේ නිලධාරීන් ලෙස බාහිර පුද්ගලයන්ට අමතරව දැනට නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන සේවකයන්ට ද ඒ සඳහා අවස්ථාව ලබා දී මාසික වැටුපට අමතරව ඔහුන්ට එම මුදල්වලින් වට්ටමක් ද ලබාදීමට කටයුතු යොදා තිබියදී මෙම වංචාව සිදුකර ඇතැයි ද දැනගන්නට ඇත

(මේ පිළිබඳ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු පි . ඒ. . ඩි . එස් . වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය )

ඔව්, මුදල් වංචාවක් සිදු වෙලා තිබෙනවා. මා මේ පිළිබඳ දැනගත් දිනම ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යධිකාරීතුමාට ලිඛිතව දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙනවා.

ඒ වගේම නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කළුතර ,දිසාපතිතුමාට කරන ලද ලිඛිත දැනුම් දැනුම්දීමක් අනුව එතුමා ගේ අධික්ෂණය යටතේ වෙනම විගනන පරීක්ෂණයක් ද සිදු කිරීමට ද නියමිතයි.

 



අදහස් (0)

කළුතර නිවාස නිලධාරීන් පිරිසක් අහිංසකයන්ගේ මුදල්වලට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site