
(ඉන්දිකා රාමනායක)
මුහුදු මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබු වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ (18) නොරොච්චෝලේ දළුව වෙරළ තීරයේ සිදු කළවිශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් තුළ සඟවා මෙරටට ගෙන රැගෙන විත් තිබු කහ කිලෝ 700 ට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් පිරිසක් මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ ගෝනි මළු දෙකක තිබී තෙත බර සහිත කහ කැබලි කිලෝග්‍රෑම් 107 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ගෙන ඇත.
කිසියම් පිරිසක් මුහුදු මගින් මෙම සහ රැගෙනවිත් වෙරළේ සගවන්නට ඇති බව නාවික හමුදාව සැකකරයි.
නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු සහ යාපනය රේගු කාර්යාලයන් වෙත බාර දී ඇත.
නාවික හමුදාව විසින් පසුගිය සති තුනක (03) කාලය තුළ අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 8245 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)


2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කහ කිලෝ 807 ක් සමඟ 4 ක් නොරොච්චෝලෙන්-මන්නාරමෙන් අත්අඩංගුවට
ridma Wednesday, 19 August 2020 07:49 AM
මේ හොර කහ තොගයත් එක්ක තව මොන මොන වසංගත අපේ රටට ගේනවද කියලා කවුද දන්නේ...? සමහරවිට මෙවැනි උපායන් ජාතියක් විනාශ කරන්නත් යොදාගන්න පුළුවන් නේද? ධීවරයෝ වගේ වෙස් වලාගෙන ඉන්න.., දූෂිතයන්ගෙන් ප්‍රවේසම් වෙන්න...!!!
බද්රානි Wednesday, 19 August 2020 08:56 AM
අදූරදර්ශී අඥාන පාලකයින්ගේ මෝඩ තීන්දු තීරණ නිසා දැන් කහකුඩුත් හොරෙන් ගේන්න සිදුවෙලයි තියෙන්නේ... දේශීය නිෂ්පාදන වෙළඳපලට ආපසුවයි පිටරටින් ආනයනය නවත්වන්න ඕනෑ. වෙළඳපලේ භාණ්ඩ හිඟයක් ඇති කිරීමෙන් සිදුවෙන්නේ හොර තක්කඩින්ගේ ගොදුරක් බවට පාරිභෝගිකයා පත්වීමයි. අවසානයේ රජයට බදු ආදායමත් අහිමි වෙනවා. මොනවා කරන්නද? අපේ රටේ උගතුන් යයි කියාගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ හා පාලකයින්ගේ මහලොකු කෙරුවාව තමයි මේ..!!!
සිරිපාල Wednesday, 19 August 2020 09:17 AM
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා මෙම කහ ළඟදීම ඔබටත් ලබාගත හැක.