IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් චෝදනා කළේය.

එසේම විජේරාම මාවතේ ඔහුට ලබා දී තිබූ නිල නිවසද තවමත් භාරදී නැත්තේ ඇයි දැයි එම නිලධාරියා ප්‍රශ්න කළේය.

රාජ්‍ය නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත වුවහොත් ඔහුට ලැබී තිබූ වරප්‍රසාද සියල්ල වහාම අහෝසි වන නමුත් කේලිය රඹුක්වැල්ලට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයිදැයි එම නිලධාරියා ප්‍රශ්න කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නේද එම නිල වාහනවලින් බව එම නිලධාරියා චෝදනා කළේය.

 



අදහස් (10)

කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ

පිටරටවැසියා Tuesday, 16 April 2024 10:40 PM

මුං දැන් තොග පිටින් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නෙ. මේවට කවරදාවත් නඩු වැටෙන්නෙ නෑ....ඒ මදිවට මුංගෙ පවුල් වල ගොං පාට් රටේ ජනතාවට තොග පිටින්....

:       0       24

Lalla Tuesday, 16 April 2024 11:00 PM

රටම කාපු රාජපක්ෂ පිල්ලියේ එක සාමාජිකයෙක්.. ඒකට සැලකිල්ල....

:       1       24

Wijesundara Wednesday, 17 April 2024 06:13 AM

ඉතින් එහෙම නම් ඒකත් අධිකරණයේ නඩුවටම එකතුකරන්න පුළුවන් .කමක් නැද්ද අලුත් ලේකම් වරයාට ඒකෙ වගකීම පැවරෙනවා .ඊළඟට අමාත්‍යාංශයේ නීති නිළධාරින් ඇතිනේ ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන

:       0       25

Lalla Wednesday, 17 April 2024 07:26 AM

මුලු පවුලම නගරංකාර සොරමුලක්. දැක්ක නේද පුතණ්ඩිය බීමත්ව ප්ලේන් එකේ දොර ඈරගන්න ගිය රඟේ.... දුව තාත්තව සුද්ධ පවිත්‍ර කරන්න උත්සාහ කරනව... පීතෲ ප්‍රේමය....බරපැන මහජනතාවට...

:       1       20

de silva Wednesday, 17 April 2024 08:27 AM

කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ සාමාන්‍ය රජ්‍යනිලධාරියෙක් වගේ නොවේ කෙහෙළිය රබුක්වැල්ල යනු මහාපරිමාණ හොරෙක් අසරණ රෝගීන් ට විෂ එන්නත් කරලා හෝ මුදල් සොයන සමුලගතක්යෙක් , ලංකාවේ හොරකම ලොකු වෙන තරමට , මරණ මිනි ගාන වැඩි වෙන තරමට වරප්‍රසාද සහ සැලකිල්ල වැඩිවෙනවා , දඩුවම අඩු වෙනවා සමහර විට මොහු නිදොස්කොට නිදහස් කරන්න පුළුවන් එහෙම නැතිනම් අර කප්පම් ප්‍රසන්නට වගේ අත්හිටවූ සිර දඩුවමක් ලැබෙන්න පුළුවන් ,

:       0       20

කහලිය -මැහැ ලිය Wednesday, 17 April 2024 09:22 AM

මේ සක්කිලි දේශපාලුවා තමන් ගේ දේශපාලන ගුරුතුමා ගෙ ( මියගිය) මූනෙත් අර මොනවද අතුල්ලනවා.

:       0       17

nanda Wednesday, 17 April 2024 10:59 AM

මහින්දගේ ගෝලයෝ ඔක්කොම එකවගේ මෙන් ඡන්දයෙන් ගෙදර යනවා. අහන්න දෙයක් නැහැ.

:       2       13

Kazi Shajahan Wednesday, 17 April 2024 11:17 AM

නඩුකාරතුමියට හැමදෙයක්ම හොයන්න බැහැ. ආණ්ඩුවේ කෝ නිලධාරීන්? මේවා හොයන්නේ බලන්නේ නැද්ද? මහජනතාවගේ බදුමුදල් වලින් පඩි ගන්නවා විතරයි. කොන්ද පණ නැති කාලකණ්ණි.

:       0       16

Rata Perata Wednesday, 17 April 2024 12:00 PM

රනිල් වගේ කිසිම දැක්මක් නැති අවස්ථාවාදී, දුර්වල මිනිහෙක් එක්ක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       6       17

Nimal Wednesday, 17 April 2024 06:11 PM

මෙයාගේ පුතා අනිත් පාසලේ ක්‍රිකට් කැප්ටන්ට පිස්තෝලේ අල්ලලා තර්ජනය කළා කියලා ආරංචියි. එතකොට මහින්දගේ සැර හොඳටම තිබ්බ කාලේ... දැන්නම් කසාද බැඳලා මනුස්සයා.... ජනතාවගේ සල්ලිවලින් හොඳට පවුල් කාලා ඇති...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site