IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

(සුජිත් හේවාජුලිගේ )

බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට  සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් දන්වා ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහතා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු  කටයුතු සූදානම් කර තිබිණ.

රඹුක්වැල්ල  මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

මේ අතර ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළේය.



අදහස් (9)

කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

Nimal Saturday, 02 March 2024 11:33 AM

මොවුන්ගාව නම් පාර්ලිමේන්තුවේ පැත්ත හරියටවත් ගන්න එපා...

:       0       34

ravin Saturday, 02 March 2024 12:16 PM

ඔන්න තවත් ආරංචියක් තියෙනවා... දැන දැන මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරපු කෙනාටත් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙනවා කියා.

:       0       21

නිහාල් Saturday, 02 March 2024 12:55 PM

හොඳට හිටිය මිනිහා බන්ධනාගාරයට ගිය ගමන් ලෙඩ වෙනවා. නීතියේ දුර්වල තැන් කොයිතරම් අවභාවිතා කරනවාද?

:       0       29

Ruhunu Saturday, 02 March 2024 01:24 PM

ලැජ්ජා ඇති...

:       0       21

ලුම්බිණි Saturday, 02 March 2024 02:04 PM

ඇඳුමක් ඇඳගෙන කොහොම එන්නද? ඒකයි එන්න බැහැ කියන්නේ...!

:       0       17

fairoos Saturday, 02 March 2024 02:19 PM

කළකම් පඩිසන් දෙනවා.

:       0       19

තොත්තබබා Saturday, 02 March 2024 02:22 PM

යන්න බැරිනම් ඉල්ලා අස්වෙලා හිරේටම යන්න. ඊළඟට ඉන්න කෙනා හොරෙක් නොවෙනවා නම් අගෙයි...

:       0       19

ගමේ එකාලා Saturday, 02 March 2024 03:51 PM

කියපු කරපු දේවල් වල හැටියට රෙද්දක් ඇඳගෙන එන්න බැරුව ඇති. පාර්ලිමේන්තුව ඉස්සරහා මල් ශාලාවන් දැම්මා නම් තමයි හොඳ....!

:       0       16

de silva Saturday, 02 March 2024 07:54 PM

පාර්ලිමේන්තුවට ආවොත් හොඳවයින් දෙකක් අහගන්න පුළුවන්, අනේ එන්න ඔයා නැතුව බැහැ..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site