(යොහාන් භාසුර)
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මහාධිකරණය වෙත රැගෙන ඒම සඳහා බන්ධනාගාර බස් රථ නොමැති වීම හේතුවෙන් පසුගිය 12 වැනිදා ආරක්ෂණ අංශය සතු වෑන් රථයක් යොදාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය කොළඹ බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් බස් රථ සහ වෑන් රථ මගින් අධිකරණ වෙත රැගෙන යන බවත් එම අංශය සතුව දරුවන් රැගෙනයාම සදහා කේ.ඩී.එච්. වර්ගයේ වෑන්රථ තුනක් සහ ජර්නී වර්ගයේ බස් රථයක් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
රැඳවියන් අධිකරණයන් වෙත ආරක්ෂණය කිරීමට ප්‍රමාණවත් බස් රථ නොමැති ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂණ අංශය සතුව ඇති වෑන් රථ යොදාගැනීමට සිදුවන බවත්ඇතැම් දිනවල අධිකරණ වෙත රැඳවියන් විශාල සංඛ්‍යාවක් රැගෙන යාමට සිදුවීමෙන් කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය සතු බස් රථ හා වෑන් රථ ප්‍රමාණවත් නොවන බවත් එවැනි අවස්තාවලදී එම බන්ධනාගාරය සතු වෑන් රථ යොදා ගැනිම ඉතා කලාතුරකින් සිදුවන බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියට වෑන් රථයක් දුන්නේ බස් රථ නොමැතිවීම නිසයි
Hafeel Thursday, 21 March 2024 02:12 PM
එහෙමනම් ඇයි එම වරප්‍රසාද අනිත් සාමාන්‍ය සිරකරුවන්ටත් දෙන්න බැරි?
සඳුන් Thursday, 21 March 2024 02:36 PM
හූ ..... හොරු සමඟ හෙළුවෙන් .....
Prabha Thursday, 21 March 2024 02:37 PM
කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබුනානේ
nihal Thursday, 21 March 2024 02:47 PM
වීල් එකක් බයික් එකක් අඩුගානේ විල් බැරෝ එකක් නැත්නම් හර්ස් එකක්වත් තිබ්බේ නැද්ද හොයාගන්න
පිටරටවැසියා Thursday, 21 March 2024 02:52 PM
බස්-වෑන් දෙකම නැති දවසක් ළඟදීම ඒවි. එතකොට ඇමති බෙන්ස් එක ගෙන්නගෙන අධිකරණයට රැගෙන යන්න. අපි කොහොමත් ඔය ඔක්කොටම බදු ගෙවනවනේ ...
Lakmal Thursday, 21 March 2024 02:52 PM
අනේ යකෝ .රෙදි නැතුව පාරේ ඇවිදපන් .ඔයිට වැඩිය නම්බුයි .මොලේ කලඳක් තියන එකෙක් විශ්වාස කරන කතාද මේ?
විජිත් Thursday, 21 March 2024 05:54 PM
නමුත්, මේ බස් රථය ප්‍රදානය කළ එක්සත්ජාතීන්ගේ ළමා අරමුදල විශේෂයෙන් දන්වලා තිබෙනවා... මේ බස් රථය සිරකරුවන් ප්‍රවාහනයට නොගන්නා ලෙස පැහැදිලිවම !!! කෙහෙළිය රඹුක්වැල්ල කියන අසික්කිත, නරුම, වනචර, බෙහෙත් හොරා, ගැනෙන්නේ ඒ කාණ්ඩයට නොවයිද?
Perera Thursday, 21 March 2024 11:26 PM
මට සුනිල් පෙරේරගේ සිංදුවක් මතක් වුණා. වාසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා.
සෙනෙවිරත්න Friday, 22 March 2024 08:07 AM
ඔව කියන්න පොහොට්ටුවෙ හොර නඩයට. තමුන් කවද හරි ඕකෙම කූඩුවක ලගින්න ලැබෙන්න කියල දැනට ප්‍රාර්ථනා කරනව.
සෙනෙවිරත්න Friday, 22 March 2024 08:09 AM
ඔය හොර ඇමතියට බන්ධනාගාරය කසානා රෝගය හැදිලකස කසා මැරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.
HD Friday, 22 March 2024 09:23 AM
මීට පෙරත් බස් රථ නොමැති අවස්ථාවල සාමාන්‍ය සිර කරුවන් මෙලෙස වෑන් රථ වල අධිකරණයට ගෙන ගොස් තිබේ දැයි ගරු අධිකරණයේ මැදිහත්වීමෙන් ස්වාධීන පරීක්ෂනයක් කර සොයා බැලිය යුතුය.