IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෙහෙළියට - රමිත් පුතාට ඇප

(රෝෂන් තුෂාර)

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර  අමාත්‍ය වරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර  රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක්   සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල,  ඔහුගේ පුතු සහ තවත් අයකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද ඇප නියම කළාය.

හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ,අමාත්‍යවරයාගේ  පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල හා සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක සැකකරුවන්ට මෙසේ ඇප නියම කෙරිණි.

හිටපු අමාත්‍යවරයාට හා පුතුට නඩු තුනක් පවරා තිබූ අතර එම එක් එක් නඩුවට  රුපියල් පනස්දහස බැගින් මුදල් ඇප හයක් හා  රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ශරීර ඇප දොළහක් මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.

නඩු දෙකක තෙවන සැකකරු ලෙස බස්නායක යන අය නම් කර තිබූ අතර  ඔහුට රුපියල් 50000 බැගින් වූ  මුදල් ඇප දෙකක් හා  මිලියනය බැගින් වූ ශරීර ඇප හතරක් නියම කරමින් විදෙස් ගමන් ද තහනම් කළාය .

 



අදහස් (8)

කෙහෙළියට - රමිත් පුතාට ඇප

වලේසුදා Tuesday, 03 June 2025 11:17 AM

දැන් තියෙන තත්ත්වය හැටියට කෙහෙළියට වන්දි ගෙවන්න වෙනවා.

:       3       17

කව්ද බෝයි Tuesday, 03 June 2025 11:36 AM

දුව ඇතුළට යන්නෙ කවදාද?

:       5       20

පොඩිඑකා Tuesday, 03 June 2025 12:05 PM

මේ යන විදියට ලෝයර් ලා ෆැමිලි පැකේජ් හදයිද දන්නෑ!

:       1       26

prasanna Tuesday, 03 June 2025 12:12 PM

රටේ අනාගතය ගැන වැඩි සැලකිල්ලක් නොගෙන තරඟයට දේශපාලන පළිගැනීමේ අමුතුම සංස්කෘතියක් ආණ්ඩුව විසින් ඇතිකර ඇත

:       32       16

කුකුල් චමින්ද Tuesday, 03 June 2025 12:51 PM

කෙහෙළිය රටේ අනාගතය ගැන වැඩියෙන් සලකලා තමයි බාල බෙහෙත් මිනිස්සුන්ට දුන්නේ. මිනිස්සු මැරුණේ, ඇස් අන්ධ වුණේ වැඩි සැලකිල්ල ඈලියාවට ගිහින්. මොවුන් වගේ තක්කඩින්ට කඩේ යන හැතිකරයකුත් රටේ ඉන්නවනේ අනේ අම්මපා...!

:       0       2

Jagath Leanage Tuesday, 03 June 2025 12:53 PM

බොහෝදුරට බෝට්ටුවකින් රටින් පනින්න ඉඩ තියනවා. ඒ ගැන වග බලාගත යුතුයි...

:       0       2

Kasun Tuesday, 03 June 2025 03:23 PM

@prasanna අල්ලද්දී කෙදිරි ගානවා, අල්ලන්නෙ නැති වෙනකොට කෝ හොරු ඇල්ලුවද අහනවා

:       5       5

මිලානෝ වැසියා Wednesday, 04 June 2025 02:26 AM

@kasun දැන් එතකොට කෙහෙලියව ඇතුලට ගත්තේ පච කොටා ජනාධිපති උනාට පස්සෙද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site