IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෙහෙළියගේ විශ්වාසභංගෙට සජබ පස්ස ගහයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අන්ද්දා (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය අද (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ.

මීට පෙර තීරණය කළ කටයුතු රැසක් පවතින හෙයින් ඒවාට ඉදිරි සති දෙකක කාලය වෙන් කිරීමට සිදුවන බව එහි දී සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම යෝජනාව මේ සතියේදී විවාදයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාද ඉල්ලීමක් කර ඇති හෙයින් විවාදය මේ සතියේදී පැවැත්විය හැකි බව ආණ්ඩුවේ නායකයන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය තවදුරටත් පසුවට කල් යනු ඇත.

විශ්වාසභංග යෝජනාවට පෙර වතුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධ විවාදයක්ද ක්‍රිකට් සම්බන්ධ විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබෙන බව විපක්ෂයේ නායකයන් මෙහිදී දැනුම්දී ඇත.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී එල් පීරිස්, සාගර කාරියවසම්,එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 



අදහස් (6)

කෙහෙළියගේ විශ්වාසභංගෙට සජබ පස්ස ගහයි

King of chethiya Wednesday, 09 August 2023 05:44 AM

කියනකොට එහෙමට වුනත් මහ රජාණෙනි මට වෙනු සමා කරන කොට මෙහෙම මයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියලා තමයි කියන්න වෙන්නෙ වේදිකාවේ කෑගහනවා විතරයි පාර්ලිමේන්තුවේ කාලය සමග ජනතා මුදල් නාස්ති වෙනවා ජනතාව රවට්ටනවා පමණයි වෙන්නෙ

:       1       5

Samantha B Wednesday, 09 August 2023 06:09 AM

සජිත් නෙවේ නේ?කඩේ යනව ඉවරයක් නැැ. කවුද පඩි ගෙවන්නෙ සජිත් ගෙ නඩෙ ද?

:       0       3

Anura Pathirana Wednesday, 09 August 2023 08:47 AM

වන්චා දූශන නවත්වනව මිස විවාද වලින් රට පාලනය කල නොහැක එකිනෙකාට මඩ ගසා ගනිමින් වීරයන් වෙන්න හදනව මිස රට ගොඩනැගිමට අදහස් නොමත

:       0       8

මහසෙන් Wednesday, 09 August 2023 09:19 AM

විහිලු පක්ශ නායකයි,විහිලු පක්ෂයේ සංවිදායකයි ගෝලයෝ රොත්තයි කියන්නෙත් මේ පෙන්වන නාටකේ චරිත ටිකක්.පමනයි.එදා වේල ටුවර් දේශපාලන ය කරන ගමන චන්ද් ටිකක් හිගා කනවා.දැන් මේ රෝහල් වල පවතින අර්බුදය නෙවේ වැදගත්.ඊට වඩා ප්‍රශ්න ඇති.ඒ වුනාට මිනුස්සු වෙනුවෙන් මැරෙන්න හැදුවේ.මේ වාගේ පාන්ඩු විපක්ෂ ඉන්න කම් මිනිසුන්ට ඉන්න වෙන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය වගේ තමා.

:       2       3

Prabha Wednesday, 09 August 2023 02:27 PM

කෙහෙළිය ඒ පැත්තට එනවා කිවුවද දන් නෑ

:       1       3

Haramanis Thursday, 10 August 2023 01:06 PM

ඇත්තම පුතාණෝ බයයි ඔය වැඩේට.. කියන්නේ නම් කේසර සිංහයා වගේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site