IMG-LOGO

කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙස් සේවිකාවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවාය.

ඒ එම සේවිකාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවේ අද (11) පෙනී සිටි අවස්ථාවේදීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍ර දේශයේ පදිංචි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (4)

කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

C.K.Lankaputhra Wednesday, 11 June 2025 07:04 PM

අප්පට ගජ! මෙහෙමත් පවුලක්. හෙට අනිද්දා ගෙදර බලලත් අත් අඩංගුවට පත්වෙයි. හැබැයි කට උත්තරයක් සම්මෙට පහරදීලාවත් ගන්න නම් බැරිවෙයි.

:       0       0

Shantha Wednesday, 11 June 2025 08:19 PM

මොවුන්ගේ ගෙවල්වල බල්ලන්ටත් අපේ සල්ලිවලින් පඩි ගෙවලා.. අපි මෙහෙමවත් ජීවත් වෙනවා ඇති... කාලකණ්ණි.

:       0       0

ravin Wednesday, 11 June 2025 09:22 PM

දුප්පත්කමට ගෙදරක මෙහෙකාර සේවයට යනවා මිස ඇති හැකි අය ලෙස සේවයට නොයයි.

:       0       0

Bunny Preena Thursday, 12 June 2025 09:42 AM

මෙයා තව මොනවා වමාරවයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 658 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site