IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


කහල්ල රක්ෂිතය වන පාළුවන් වනසලා

(කාංචන කුමාර ආරියදාස)

කහල්ල කරවිලගල රක්ෂිතයේ ඇති ගස් කොළන් කපා දමා ඩෝසර් කොට ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.

මේ වන විටත් රක්ෂිතය තුළ විශාල භූමි ප්‍රමාණයක් ඩෝසර් යොදාගෙන ගහකොළ විනාශ කරමින් ඉඩම් අත්පත් කර ගෙන ඒවාට විදුලි වැටවල් සවිකර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ වගා නොකළ ඉඩම් නැවත වගා කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීන්දුවලට ඉතා සූක්ෂම ලෙස මුවා වෙමින් බව ද ඔවුහු පෙන්වා දෙති.

කහල්ල පල්ලෙ කැලේ රක්ෂිතය කුරුණෑගල මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටා ඇති ප්‍රදේශයකි, මෙය අභය භූමියක් ලෙස නම් කොට තිබුනද එහි මැනුම් කටයුතු සිදු නොවීම හේතුවෙන් නීති අණ පළාත්වලට සූක්ෂම ලෙස අභියෝග කරමින් කණ්ඩායම් මේ වන විටත් ඒවා ජනාවාස බවට පත් කිරීම වගා බිම් බවට පත් කිරීම සහ විවිධ කටයුතු සඳහා යොදා ගනිමින් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම සහ අභයභූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් ගල්කිරියාගම වන ජීවී කාර්යාලයෙන් විමසීමේදී වන සත්ව නියාමක සදුන් හෙමනායක මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත සොයාබලා රක්ෂිතය හෙළිපෙහෙළි කළ පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඊට අධිකරණමය කටයුතු සිදු කර ඇති බවය.



අදහස් (2)

කහල්ල රක්ෂිතය වන පාළුවන් වනසලා

Bunny Preena Friday, 01 August 2025 09:30 AM

උණුත් එකයි, මුනුත් එකයි... කිව්වා වගේ වැඩක් සිදුවෙනවා වත්ද?

:       0       6

ගුණරත්න Friday, 01 August 2025 11:39 AM

ගිය ආණ්ඩු කාලේ මේවා වුණාම ආණ්ඩුව ප්‍රාදේශීය දේශපාලනය ඇදගෙන දෙස් තියපු අය දැන් මීක් නැහැ. මොකද ඔවුන්නේ දැන් ආණ්ඩු කරන්නේ? ඒත් අලි මරණ එක, වනාන්තර එළිකරන එක, මහා දවාලේ වෙඩි තැබීම් මිනී මැරුම් කිසිම අඩුවක් නැහැ. වෙඩි තැබීම් නම් 300% වර්ධනය වෙලා තියෙනවා. ඔන්න පොරොන්දු වුනු පුනරුදේ තරම... !

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 657 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site