IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෙහෙලියගේ වාහන පස්සේ සී.අයි.ඩීය දුවයි

(ගයාන් සූරියආරච්චි)

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීමෙන් අනතුරුව ඔහුට ලබා දී තිබූ අති නවීන සුඛෝපභෝගී නිල රථ දෙක අව භාවිත කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

2022 මැයි මස සිට කෙහෙළිය රඹුක් වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණු මෝටර් රථ කීපයක් ඉකුත් ඔක්තෝබර් මස 23 වෙනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසුව රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම මෝටර් රථ නැවත බාර දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් වලට අනුව අමාත්‍යවරයාට නිල රතල් ලෙස ලබා දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගය සුපෝකභෝගී මෝටර් රථ දෙක හැර අනෙක් වාහන බාර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉකුත් පෙබරවාරි තුන්වෙනි දින සිට අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුවද එම සුඛෝපභෝගී මෝටර් රථ දෙක ආපසු භාරදී නොතිබුණු බව විමර්ශනවලදී හෙළිවිය.

ඒ අනුව එම නිල රථ දෙක මෙතෙක් බාර නොගැනීමට හේතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින් විමර්ශන කරන අතරතුර හිටපු අමාත්‍ය කෙහෙළියගේ අමාත්‍යාංශ ලේකම්වරියකගේ මාර්ගයෙන් ඉකුත් මස 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයට භාරදී ඇති බවට කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ඉකුත් මස 25 වැනි දින ලිඛිතව දන්වා ඇති බවත් අනාවරණය විය.

 



අදහස් (8)

කෙහෙලියගේ වාහන පස්සේ සී.අයි.ඩීය දුවයි

සෙනෙවිරත්න Thursday, 20 June 2024 07:48 AM

අපි දුක් විඳින්නෙ ඇයි කියල දැන්වත් තේරුම් ගනිල්ල, මේක තමයි එදා ඉඳලම උනේ. ඒ ඒ කාලෙ හැටියට ඒ ඒ විදියට. රටේ හිටිය මේවගෙ අමන වැඩ නොයිවසන තරුණ කොටසක්, උන්ට තමයි මේ හොර නඩය ත්‍රස්තවාදී ලේබල් ඇලෙව්වෙ,

:       0       36

සෙනෙවිරත්න Thursday, 20 June 2024 07:50 AM

මුන්ට දඩුවම ලැබෙන්නෙ ඒන් පී පී රජයකින් පමණයි . මොකද ⁣අනිත් දෙපැත්තෙම ඉන්නව මේව අඩු වැඩි වශයෙන් කරන සහ කරපු, ඒ අය හදන්නෙ දැනට නතර කරපු තැන ඉඳල කරගෙන යන්න ,

:       4       30

සෙනෙවිරත්න Thursday, 20 June 2024 07:54 AM

ෆයිල් කිහිල්ලෙ ගහගෙන ඉන්නෙ ඇයි කියල සමහරු අහනව, ඒකට හේතුව දැනට මේ අය පත්කරන නීතිපතිි මේව කරන්නෙ නැහැ. හොඳම උදාහරනය නීතිපතිට සේවා දිගුවක් දීමට ජනාධිපති ගත් උතසාහය. එවන් නීතිපති ඉදිරියෙ අනුරට වෙන්නෙ ෆයිල් පැත්තක තියන්න තමයි. ඒක නිසා මුන්ට දඩුවම දෙන රජයක් පත්කරගමු.

:       5       26

සෙනෙවිරත්න Thursday, 20 June 2024 07:55 AM

ඔය කෙහෙලිය යූ ඇන් පී යෙන් ආපු කෙනෙක් බව අමතක කරන්න එපා. මේ දෙපැත්තේ කවදාවත් නිසි පරීක්ෂණ නැත.

:       4       23

Perera Thursday, 20 June 2024 08:21 AM

කෙහෙළියගේ වාහන පාසේ දුවන එක හොඳයි.නමුත් ඩයනාගේ වාහන පස්සේ දුවන්නේ නැත්තේ මොකද ?

:       2       21

සමන් Thursday, 20 June 2024 08:24 AM

ලබන ආත්මෙ කරත්තෙ බදින හරකෙක් තමයි මෙයා නම් .......

:       0       14

Lalla Thursday, 20 June 2024 09:18 AM

සියලු දුරාචාර කරපු සහ කරන නීච පුද්ගලයෙක්. මෙවැන්නන්ට නාමයෝජනා දෙන පක්‍ෂ ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි.

:       1       22

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 21 June 2024 05:01 AM

කෙහෙලිය මෙ වගෙ කුජීත වැඩ කරල තියෙන්නෙ ජනතාවට වැඩ කරන්න නෙ කියලා හිතෙනකොට පපුව හොස් ගාලා යනව. මෙයා අපෙ මහින්ද මාටියගෙ දස මහා යොධයින්ගෙන් එක්කෙනෙක් නෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site