(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරකු වන නාවික හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග අද (4) අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මාදෙල්ගමුව ප්‍ර දේශයේ නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නියතු නාවික හමුදා සෙබළකු (37) , රූපලාවන්‍ය ශිල්පියකු (35) සහ 24 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 150ක්, රූපලානව්‍ය ශිල්පියා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 ක් ද, අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 850 ක් පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් කිසියම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද යන්න පිළිබදව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කෙහෙල්බද්දර පත්මෙගේ පාසල් මිතුරෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට
පරා Monday, 04 August 2025 05:09 PM
ඇයි ඉතිං මහ මෝර අල්ලන්නේ නැතුව හාල්මැස්සෝ අල්ලන්නේ? බයද?