
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පක්ෂ කැඩීම ඇරඹූයේ මහින්ද බව කී මරික්කාර් මහතා දැන් ඔවුන්ටම එය දිට්ඨධම්ම වේදනීය කර්මයක් බවට පත් වී තිබෙන බව සඳහන් කළේය.
ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය ණය ගැනීම සහ විකිණීම බව කී මරික්කාර් මහතා ඊට ආර්ථික ඔස්තාර්ලා විශේෂයෙන් අවශ්‍ය නොවන බව සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යම් ගොඩ වීමකට ආවත් මෙහෙම ණය ගන්න ගියොත් ආපහු රට කඩා වැටෙන බවද මරික්කාර් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කියනදේම මෙයත් ගිරවා වගේ කියවනවා…. හොරකම් කරලා නැත්නම් බය වෙන්න එපා.
මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් පරණ , හොරුන්ට , මැරයන්ට , නුගත් මිනිස්සුන්ට මනාපේ දෙන්න එපා , ඔය 225 න් 195 පමණ හොර , කපටි , මෝඩ කළු චරිත හොඳ මිනිස්සු ඉන්නේ 25-30 පමණ , පළාත් සබහ , ප්‍රාදේශීය සභා වලත් තත්වය මේක , අපේ මළගෙදරට , මගුල්ගෙදරට ,පිරිතට අවා , බත්පැකට් එකක , ටකරමක් දුන්න කියල , අවාට ගියාට කතිරේ ගහන්න එපා , මේ රටේ ආර්ථිකය වැටිලා තිබෙන්නේ වංක නිලධාරීන් සහ දේශපාලුවන් නිසා , ඔබේ කතිරේ වැරදි තැන ගැහුවොත් , ඔබේ ජීවත්වෙන ගෙදරට , පරිප්පු 250 , පැට්‍රොල් ලිටරේට ගහන අමතර බද්ද වසරකට ලක්ෂ 2 වැඩි වෙන්න පුළුවන් , මේ ඔක්කොම තීරණේ වෙන්නේ තමන්ගේ කතිරේ මත , තමන් චන්දෙ දෙන පක්ෂේ ලිස්ට් එකේ හොඳ මිනිස්සු නොමැතිනම් මනාපේ නොදී පක්ෂෙට පමණක් කතිරේ ගහල ගෙදර යන්න .
පොහොට්ටුවට පසුගිය වසර 4 තුල රටේ ජනතාව අතර ප්‍රසාදයක් නැතිවුණත් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තිබුන , සමහර අවස්ථාවල 2/3 බලයකුත් තිබුනත් , ඔවුන් 2015 ඉස්සර කල ආකාරයටම හොරකම් දුෂණ , වංචා කරා ආර්ථිකය කබලෙන් ලිපට වැටුනා , අරගලෙන් පස්සේ වසර 2 පමණ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කාලය තිබුණ , රජයේ වියදම් අඩු කරගන්න , අධ්‍යාපනය , සවුක්ය , අධයම්බදු , රෙගු , සුරාබදු වැනි දෙපාර්තමේන්තු ප්‍රතිවියුහගතකරගෙන රජයට ලැබෙන අදායම වැඩි කරගන්න , ජනතාවට කාර්යක්ෂම රජ්‍යසේවයක් ලබාදෙන්න , ඔවුන් මේ කිසිවක් කලේ නැහැ , ඔවුන් කලේ අලුත් බදු ගසමින් ජනතාව අමාරුවේ දැමීම පමණි . පොහොට්ටු , ශ්‍රී ල නි ප , එජාප යන මොකට ඡන්දෙ දුන්නත් ඉදිරියටත් ඔවුන් කරන්නේ මේ ටිකම තමා
අනේ පලයන් මිනිහෝ යන්න. උඹලට මෙදාපාර විපක්ෂ නායක කමත් නැතිවෙනවා . කැට තියල කියන්නේ ආසන 25 යි උඹලට එන්නේ .
කට කට කට මේ ලෝකයේ අවබෝධයක් නැහැ...
කොහොම ආවත් එකට තියලා ගෙදර යවන්නත් බැරිවෙන එකක් නැහැ.
මාලිමාවට ජයවේවා...!
දේශපාලන වැඩසටහනකදී පොඩි පාසල් යන දරුවෙක් අහනවා සජිත්ට ඉස්කෝල වලට බෙදන්න සල්ලි කොහෙන්ද කියලා. අයියෝ හත්පොලේ ගාගන්නවා... මරික්කාර් කාරයාත් කියනවා මිනිහත් දන්නෑලු.. ඒ කියන්නේ ඒවා ගන්නේ කැසිනෝ කාරයින්ගෙන් ජාවාරම් කාරයින්ගෙන් බව මෙයත් ඒ දරුවා ඉස්සරහම පිළිගත්තා.. රට හදන්න ඉස්සෙල්ලා නායකයාව හදලා ඉන්න..
එකට පරදින්න වෙන බව දැනගෙන ඉන්න එක හොඳයි...