(දයාරත්න ඇඹෝගම)

මෙවර මාස් කන්නයේ වගාකළ කුඹුරු අක්කර 1000 අධික ප්‍රමාණයක් දීලිර රෝගයකින් විනාශවි ඇති බවට කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගොවිහු මැසිවිලි නගති.

ඇල්ලවැව,රන්පත්විල,බෙහෙත්කෑව,දිවුල්වැව,මැගිච්චාව යන ප්‍රදේශවල තදින්ම මෙම දීලිර රෝගය හේතුවෙන් ගොයම විනාශවි ඇති බවද ඔවුහු පවසති.

ගොයමට දැන් දවස් 45 ක් පමණ ගතවෙලා පිදෙන්නත් ලගයි.ඒ වුනාට ගොයම උස යන්නේ නැහැ.කහපාට ගැහිලා පිච්චිලා වගේ සම්පුර්ණයෙන් විනාශ වෙමින් තිබෙනවා’.

‘ කෘෂිකර්මයේ නිලධාරින්ට කිවට වැඩක් නැහැ.ඒ අය මේ ගැන සොයා බලන්නෙත් නැහැ.රැපියල් දස දහසක් විතර වියදම් කරලා කෘමිනාශක බෝතලය අරගෙන ගොයමට ගැහැවු කිසිම ප්‍රතිඵලයක් නැහැ.ගොයම එහෙමමයි.එන්නනම කහ ගැහෙනවා.මෙවර වී වගාව අන්තිමටම අසාර්ථක වුණා.මේ වෙනකන් බලධාරින් අවධානයක් සිදුකර නැතැයි ගොවීහු චෝදනා කරති.