IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොහාගෙ බිත්තර කන්න එන නයි පොළොඟුන්ට කොටනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට කොටනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසූයේ අතුරු අයවැය පිළිබඳ විවාදයේ අදහස් දක්වමිනි.

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ"යැයි අයවැය විවාදය අරඹමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉකුත් 31වෙනිදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.

"ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න ඒ අයට ආරාධනා කළා. විපක්ෂය එතුමා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා මතක තියාගන්න.ඔව් ,අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා.අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ.

එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාට කොටලා එලෙව්වේ ,යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.



අදහස් (7)

කොහාගෙ බිත්තර කන්න එන නයි පොළොඟුන්ට කොටනවා

Asela Friday, 02 September 2022 02:29 PM

ගංවතුර වෙලාවට නයි, මුගටි යන්නේ එකම ඔරුවේ තමයි.

:       0       1

සමිත අලුත්ගමගේ. Friday, 02 September 2022 02:30 PM

නිකං විකාර කියවනවා වගෙයි පේන්නේ ... රනිල් මහතා නොහිටින්නට අද කාක් රැලත්, මහ කපුටොත්, කාක් කූඩුත් රටේ වත් නැහැ. කැමැත්තෙන්මලු කූඩුව දුන්නේ. අනේ මේ මොනවද කියවන අර්ථ විරහිත කතා...? කැමැත්තෙන්ම දෙයි මෙන්න කියලා... අද මේ පොහොට්ටුවේ කාගේත් කට පණ තියෙන්නේ රනිල් මහතා නිසා. අපට දේශපාලනයක් නැහැ. ඒත්, රනිල් මහතාට තමන්ට අවශ්‍ය විදිහට රට කරගෙන යන්න ඉඩ නොදෙන්නේ, කපුටන් රැල හා මහ කපුටන් ටික වගෙයි පේන්නේ. සජබෙට තියෙන්නේ, වර්තමාන ජනපති හා එකතුව රටේ ජනතාව ගැන සිතා, වෙහෙස වී රට ගොඩ ගැනීමට කටයුතු කරන්න. රට ගොඩගෙන අනතුරුව මහ මැතිවරණයකට යන්න නේද තියෙන්නේ... එවිට ජනතා මතයට අනුව සුදුසු රජයක් පිහිටුවීමට හැකිවේවි. ඒත්, සජබය රටට වඩා හිතන්නේ තමන් බලය අල්ලන්නේ කෙසේද කියායි. සජිත් නායකයා ලෙස සිටින තාක්කල් රනිල් සමග එකඟතාවකට එන්නේ නැහැ.

:       0       1

wisal Friday, 02 September 2022 02:42 PM

ඕනවට වැඩිය කෑකෝ ගැහුවොත් බිත්තරත්නැතිව තමයි යන්න වෙන්නේ..!

:       0       2

de silva Friday, 02 September 2022 03:00 PM

මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නේ නැතිව ඕන පොළඟෙක් අල්ලගන්න.

:       0       1

beau Friday, 02 September 2022 03:42 PM

අපි දන්නවා දූෂිතයින් රකින්නේ මොනවගේ බිත්තරද කියලා... අධමයින්, පල් හොරුන්... මහජනයා කුසගින්නේ තියලා... අපායටම යන්න...

:       0       0

Dharmatileke Friday, 02 September 2022 03:58 PM

කොහාගේ බිත්තරේටත් වෙන්නේ රටේ ආර්ථිකයට වෙච්චි දේමයි.

:       0       1

චතුරි Friday, 02 September 2022 05:25 PM

මොන්ගල් කට්ටියට අවුරුදු මතක් කරන්නෙ කොහාලු. එතකොට කප්පම් කන්න, හොරාකන්න මතක් කරන්නෙ කවුද? කපුටු කාක්, කොහා, පොලොන්ගුන්ට, සේරටම දුවන්න කාලයක් ලගදිම එනවා. මෙපමන කාලයක් ජනතා මුදලින් මුන්ට කන්න දුන්නෙ පාර්ලිමේන්තුව රැස් වෙනකොට. මොලේ පෑදෙන්න තණකොල කැද දෙන්න ඔන ඔය බඩගෙඩි, ඔලුගෙඩි පිරිසිදු කරලා ගන්න. මෙයාලා පවට ඉපදුන උන්. තව පව් පුරෝගන්නවා, දුප්පතාගේ දේ හොරාකමින්. නිල මැස්සෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site