( ෂේන් සෙනෙවිරත්න,ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබීටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාම සඳහා රජ වීදිය පොලිස් මුර කපොල්ලෙන් ඊයේ (18)සවස එම කසළ ලොරිය දැඩි ආරක්ෂක කලාපයට පිවිසීමට සැරසෙද්දී එහි ආරක්ෂක නිලධාරීන් විසින් එම කසල ලොරිය පරීක්ෂාකර ඇත.
සෝදිසි කිරීමේදී එම රියේ පැත්තක එල්ලා තිබූ පොහොර උරයක් තුළතිබී මෙම හිස් පතුරම්කොපු තොගය හමුව තිබේ.
කසල රථයේ රියදුරු සහ රිය සහයක පවසා ඇත්තේ නගරයේ යුද හමුදා කඳවුරේ කසල එකතු කිරීමේදී මෙම හිස් පතුරම් කොපුතිබෙන්නට ඇති බවයි .
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කසල ලොරියේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීරමහතා විසින් එම හිස් පතුරම් තොගය සහ සැකකරුවන් දෙදෙනාවැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට බාර භාරදී තිබේ .
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි
sachith Monday, 19 June 2023 09:52 AM
පරණ නාට්‍යම අලුත් නළුවොයි එක්ක.කොහොමත් ඉස්සරහට රට බේරාගන්න අන්තිම අවස්තාව වෙනකම් ඕක ගෙනියනවා
Chathuranga Monday, 19 June 2023 09:58 AM
මොන විහිළුවක් ද මේ?? කසල විදියට එකතු කරන් යන දේවල් වල හිස් පතොරම් කොපු තිබ්බම ඒ කසල ලොරියෙ සේවකයො අත් අඩංගුවට ගන්නෙ ඇයි?? දෙනෝ දාහක් බලන් ඉද්දි පාතාලයේ මැරයන් මිනිස්සු මරද්දි ඔය ආරක්ෂක අංශ නිදිද?
senaMonday, 19 June 2023 10:37 AM
ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙන්න රට ජාතිය බේරාගන්න අපිට කෙනෙක් අවශ්‍යයි