කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ගත වූ දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.
කාසල්රි ජලාශයේ ජල මට්ටම වේල්ල මට්ටමට පැමිණ ඇති අතර වේල්ල මට්ටමින් ඉහළ අඩි 4 ක ලෑලි ගේට්ටුවක් සවි කර ඇති බවත්, එම ලෑලි මට්ටමට ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ඔවුහු පවසති.
වර්ෂාව වැඩි වීමත් සමඟ ලක්ෂපාන ජලායේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර ඇත.
කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග විමසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවෝ පැවසූහ.
මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වී ඉන් එක් වාන් දොරටුවක් ඊයේ (25) රාත්‍රියේම ස්වයංක්‍රියවම වැසී ගොස් ඇතැයි බලාගාර ඉංජිනේරුවරු පවසති.
මේ හේතුවෙන් වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අපදා කලමණාකාරණ ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.
මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකම අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට තරමක බාධා පැමිණිනි.



(කාසල්රී)



(ඉහළ කොත්මලේ )
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාසල්රී ජලාශය පිටාර මට්ටමේ
suranjith lal Friday, 26 October 2018 06:19 AM
මා ඉපදුනු මගේ මනරම් රට