IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘ කිසිම කෙනෙක්ට ගෝඨාභයට ජම්පර් අන්දවන්න බැහැ‘

(නාලක සංජීව දහනායක)
 
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාභය රාජපක්‍ෂට ජම්පර් අන්දන බව කියනවා. මීට කලිනුත් ජම්පර් අන්දන්න හුඟාක් අය සූදානමින් හිටියා. අන්තිමට ඒ අයටම ජම්පර් අදින්න සිදුවූණා යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (26) පැවැසීය. 
 
එබැවින් ජම්පර් අන්දන කතා වැඩිය නොකිය යුතුයැයිද ඔහු කීය.
 
එහිදී ඔහු මෙසේද කීය.
 
මේ ආණ්ඩුව බලන්නෙම අපෙන් පළිගන්නයි. අදවනවිට රටේ කිසිම කන්තෝරුවක වැඩක් කෙරෙන්නෙ නැහැ. මුලූ රටම බ්‍රේක් ගහලා. පාලනයට නුසුදුසු අය පාලනයට ආවම මේවගේ දේවල් සිද්ධ වෙනවා. මේවාට වත්මන් ආණ්ඩුව වගකිව යුතුයි. රනිල් විතරක් නෙවෙයි මේ සියල්ලටම සජිත් පේ‍්‍රමදාසත් වගකිව යුතුයි.
 
අද නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න කතා කරනවා. ඒ යුගය ඔබට මතකද දන්නේ නැහැ. ටයර් සෑයවල් මතකද? එක දවසක් මම දැක්කා 28 දෙනෙක් යටර් සෑයේ දාලා තියෙන හැටි. මළ කදන් ගොඩ ගැහිලා තිබුණා. ඒ  යුගය අමතක කරන්න බැහැ. නැවතත් රට  ඒ  යුගයට යවන්නත් බැහැ යැයිද ඔහු කීය.
 
කොළඹ, ඞී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි ප‍්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (26) පැවැත්වූ  ව්‍යාපාරිකයන්ගේ සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (0)

‘ කිසිම කෙනෙක්ට ගෝඨාභයට ජම්පර් අන්දවන්න බැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1450 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site