(පුෂ්පකුමාර ජයරත්න)
පාතාල සාමාජිකයක් බව කියන කොස්ගොඩ තාරකගේ සොයුරකු බව කියන පාතාල සාමාජිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලීසිය කියයි.
කොබෙයිගනේ මොරගහකන්ද ප්‍රදේශයේ තවත් පුද්ගලයකු සමඟ සැඟවී සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඔහු සමඟ සිටි තවත් පාතාල සාමාජිකයකු පොලීසියට හසු නොවී පලා ගොස් ඇති අතර සැකකරුවන් සතුව තිබූ ගිනි අවියක්ද රැගෙන එම සැකකරු පලා ගොස් අැති බව අනාවරණය වී තිබේ.
මාතර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මොහු වන අතර එම සිද්ධියෙන් පසුව මොහු මාතර ප්‍රදේශයෙන් පලා විත් මොරගහකන්ද ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටියදී මෙලෙස පොලීසියට කොටුවී ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්ගොඩ තාරකගේ සොහොයුරා අල්ලයි
විජේ Tuesday, 22 November 2022 12:16 AM
මේ අයගෙන් වැඩ ගන්න දේශපාලුවො විනාශ නොකර මේ අය අල්ලලා මොනවා කරන්නද? ඒකට නාස්තිවෙන්නෙත් අපේම සල්ලි.