
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(19 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකි .
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ '' කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 910 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු