(අංජුල මහික වීරරත්න) ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීමටත් රුසියානු රජයේ ෆෙඩරේෂණයේ සහයෝගය පළ කරයි. රුසියානු ෆෙඩරේෂණයේ ශ්‍රී ලංකාවේ තානාපති Levan. S. Dzhagarayan මහතා සහ රුසියානු වෙළෙඳ කොමසාරිස් Alexandar. L. Rybas යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවට රුසියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Ms. Galina Kukuliva සහ ආර්ථික අංශයේ උපදේශිකා Anastasia A. Grineva මහත්මීහු ද සහභාගි වූහ. ඉදිරියේ දී ශ්‍රී ලංකාවට යුරියා ඇතුළු රසායනික පොහොර රුසියාවෙන් ලබා ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොලක් රුසියාවෙි ඇති කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා රුසියානු ෆෙඩරේෂණය භාවිත කරන නව තාක්ෂණය හා තාක්ෂණික උපක්‍රම හඳුන්වා දීම සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෘෂිකර්ම අමාත්‍යාංශය රුසියාව අල්ලන්න යයි
sena Thursday, 15 December 2022 10:51 AM
එක එක රටවල කට්ටිය සමග ඔය මොන මොනවා හරි මීටින් තියලා කතාකරනවා. ඒ උදවිය නිකමට හිත හදාගන්න වගේ කියන කතා මීඩියාවලට කියනවා ලකුණු දාගන්න. එච්චරයි.
Perera Thursday, 15 December 2022 01:37 PM
කෘෂි ඇමැතිට පුළුවන්ද එහෙම දෙයක් කරන්න?