IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කිව්.ආර්. සංකේතයේ පරීක්‍ෂණයක් අනිද්දා සිට

(යොහාන් භාසුර)

කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම පරීක්‍ෂාවක් ලෙස කොළඹ ස්ථාන කීපයකදී අනිද්දා (21 වැනිදා) සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය.

එම වැඩසටහන අනිද්දා (21) සිට රටපුරා ක්‍රියාත්මක නොවන බවත් ලබන 25 වැනිදා සිට රටපුරා ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.

කිව්.ආර්. සංකේතයේ ලියාපදිංචි වූ පුද්ගලයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට මිලියන 2 ක් බවත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන ලබාගත හැකි දිනයන් වෙනස් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා ද, 3, 4 සහ 5 නම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා ද, 6, 7, 8 සහ 9 නම් සඳුදා, බඳාදා සහ සිකුරාදා ද, ඉන්ධන ලබාගැනීමට දින වෙන්කර තිබේ.



අදහස් (1)

කිව්.ආර්. සංකේතයේ පරීක්‍ෂණයක් අනිද්දා සිට

lakvidu Wednesday, 20 July 2022 06:25 AM

අපේ ගෙදර තණකොළ කපන මනුස්සයා තණකොළ කපන මැෂිමේ චැසි නොම්මරේ හොයාගන්න බැරුව හොල්මන්වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site