IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කිව්.ආර්. නිසා ඉන්ධන භාවිතය පහළ බැහැලා

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන අවසර පත හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වූ බවත් එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට ඩොලර් අර්බුදයකට ලක්ව සිටි අවස්ථාව කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් ලැබුණු වාසිය හේතුවෙන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් යෙදවීමට හැකි වූ බව කියන ඛනිජ තෙල් සංස්ථාව එය හදුන්වාදී වසරක් සම්පූර්ණ වන විට වාහන ලක්‍ෂ 65 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ද සඳහන් කරයි. 



අදහස් (5)

කිව්.ආර්. නිසා ඉන්ධන භාවිතය පහළ බැහැලා

ලලිත් පුෂ්පකුමාර Monday, 31 July 2023 04:18 PM

QR කේතය ඉන්ධන සීමාව ඉහළ දැම්මත්, කේතය අහෝසි කරත් භාවිතය වැඩි වෙන්නේ නෑ... කොහොමත් අඩුවෙනවා. කන්නවත් නැතුව ඉන්න ජනතාව ගමන් බිමන් 50%න් අඩුකරලා තියෙන්නේ... ගොඩාක් අය පෞද්ගලික වාහන ගෙදර තියලා යන්නේ...!

:       4       24

pakeer Tuesday, 01 August 2023 01:45 AM

ඉස්සර රුපියල් 7000ට ෆුල් ටෑන්ක් ගැහුවා. දැන් ඕනෙ 17000ක් විතර... QR නැති කළා කියලා සල්ලි නැහැ තෙල් ගහන්න. ඒත් ලංකාවේ තෙල් එක ලක්ෂයට ගියත් ගහන අය ඉන්නවා. හැබැයි බහුතරය යන්නේ හොම්බෙන්... තෙල් ගහනවා තියා වාහනේ සර්විස් කරගන්නවත් බැහැ.

:       0       0

විකුම් Tuesday, 01 August 2023 07:00 AM

QR එකට තෙල් නිකන් දෙන්නෙ නෑනෙ බොල. පාන් කියා ගන්න බැරුව ඉන්න මිනිස්සු තෙල් ගහගෙන රෝන්දේ යනවා කියලනේ හිතන්නේ...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 01 August 2023 08:14 AM

අර මෝඩ උද්දච්ච ඇමැතියාගේ උපදෙස් අනුව කළ ප්‍රකාශයක් වෙන්න ඇති. ඌ දන්නේ නැහැ qr බම්බුව නිසා නොවෙයි ඉන්ධන මිල රටේ ජනතාවට දරා ගන්න බැරි නිසා පරිභෝජනය අඩුවෙලා කියලා...

:       0       0

Bamunuarachchi Tuesday, 01 August 2023 09:28 AM

ඒක තමයි වෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site