IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ

‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවිනි.

‘වසංගතය වෙනස් වෙනවා. නමුත් අවසන් නැහැ. වයිරසයේ සැර බාල වීමක් සිදුවුණු බව පැහැදිලියි. ඒ, ඔමික්‍රෝන් විකෘතියේ ආගමනයත් සමඟයි. කෙසේ නමුත් ඔමික්‍රෝන් විකෘතියේ උප ප්‍රභේද ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. කොවිඩ් 19  ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වීමත් වසංගතය පාලනයට උපකාරී වුණා. අද වනවිට රටවල් 110 කින් කොවිඩ්ඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් මාධය හමුවේ පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළේ, ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.

මේ වනවිට ලෝකවාසීන්ගෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ නියමිත එන්නත් මාත්‍රා ලැබි ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැවැසුවේය. පසුගිය මාස 18 ඇතුළත ලොව පුරා එන්නත් බිලියන 12 ක් ලබා දීම සිදු කර තිබේ.

‘බී.ඒ.5’ සහ ‘බී.ඒ.4’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්‍රභේද වන අතර, මෙම උප ප්‍රභේද දෙක අතරින් ද වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ ‘බී.ඒ.5’ ප්‍රභේදය යැයි හඳුනාගෙන තිබේ. ‘බී.ඒ.5’ ප්‍රභේදය මේ වනවිට රටවල් 63 කට ව්‍යාප්ත වී අවසන් බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site