IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් රෝගීන් ගැන අලුත්ම වාර්තාව

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් රෝගීන් වාර්තාවීම සියයට 50කින් පමණ පහත බැස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට   පැවැසීය.

එසේම කොවිඩ්  වැළඳුණු පිරිස්  රෝහල් ගතවීමද  සියයට  25කින් පමණ පහත බැස ඇති බව පැවසූ වෛද්‍යවරයා  ඔක්සිජන් මත යැපෙන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාවද  සියයට 30කින් පමණ  අඩුවී ඇතැයි  ප්‍රකාශ කළේය.

කොවිඩ්  මරණ සංඛ්‍යාවද  පහට අඩු සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි අන්වර් හම්දානි මහතා  පැවසූවේය.

මුළු දිවයිනෙන්ම දිනකට වාර්තාවන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව 300ත් 350ත් අතර සංඛ්‍යාවක් දක්වා  පහත  බැස ඇති බවත් සමස්ත රෝගීන්ගෙන්  රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නේ  2700ක් පමණක් බවත්  හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇඳවල්  11400ක්  සූදානම් කර ඇති අතර  එම ඇඳවල්වලින් රෝගීන් සිටින්නේ සියයට 23ක  පමණක් බවද කොවිඩ්  සම්බන්ධීකාරකවරයා කීවේය.

කොවිඩ්  එන්නත්කරණයේ සාර්ථක භාවය නිසා  මෙම ප්‍රතිඵල ලැබී තිබෙන බව පැවසු  වෛද්‍යවරයා පළමු එන්නත් මාත්‍රාව සියයට අනු හයක්ද දෙවැනි එන්නත් මාත්‍රාව සියයට අසූ එකක්ද තෙවැනි එන්නත් මාත්‍රාව සියයට පනස් තුනක්ද ලබාගෙන ඇතැයි සඳහන් කළේය .

සෞඛ්‍ය  මාර්ගෝපදේශ  බොහෝ දෙනා හරියාකාරව  පිළිපැදීමද කොවිඩ්  පැතිරීම අඩු කර ගැනීමට බෙහෙවින් ඉවහල්වූ බවත්  කොවිඩ්  පැතිරීම  වළක්වා ගැනීම සඳහා අඩු තරමින් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවත් ඔහු පැවැසීය.

අනෙක් සෞඛ්‍ය නීති පිළිපැදීම කෙසේ වෙතත්  බොහෝ දෙනා මුව ආවරණ  පැළඳීම  ඉතා හොඳින් සිදු කළ බව  තමා සතුටින් ප්‍රකාශ කරන්නේ  යැයි  හම්දානි මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (0)

කොවිඩ් රෝගීන් ගැන අලුත්ම වාර්තාව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31275 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13466 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10987 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 99 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 278 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site