(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.
මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 54 දෙනෙක් සහ කාන්තාවෝ 44 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 70 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 27 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද වෙති
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොවිඩ් මරණ 98ක් වාර්තා වෙයි
mihira Friday, 06 August 2021 10:12 PM
මේ අයගේ අමූලික බොරු... දෙතුන් සීයක් මැරෙනවා දවසකට...
Rohana Friday, 06 August 2021 10:33 PM
ඉතින් සීයක් වෙන්න තවත් දෙකක් අඩුයිනේ...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 07 August 2021 05:42 PM
රෝගය පැතිරෙන්න බොහෝවිට බලපාන සාධකයක් තමයි මේ සමහර මිනිසුන්ගේ මාස්ක් නොදැමීම. දැම්මත් දාන්නේ නිකටට හෝ බෙල්ලට... මෙන්න මේ රෝග වාහකයින්ට මේ වසංගත කාලය අවසන් වෙනතෙක් හෝ කිසියම් දඬුවම් ක්‍රමයක් වහා ක්‍රියාත්මක කළ යුතුයි. එය පොදු මහජන සුබසිද්ධිය උදෙසායි.