(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් අද (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් ආසාදිත දරුවන් ශීඝ්‍ර ලෙස වැඩිවීම සැලකිල්ලට ගෙන යැයිද හෙතෙම සඳහන් කළේය.
එසේම ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය කළ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් ආශ්‍රිතව සංකූලතා මතු වන්නේ නම් දරුවන් රෝහල් කරා ගෙන ආ යුතු බවද සඳහන් කළේය.
නිවසේ සිට ප්‍රතිකාර කිරීමේදී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන්ම ළඟ සිටිය යුතු බවත් දුරකතන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන හෙයින් ඊට අදාල පහසුකම් ලබාදීමට භාරකරුවන් සූදානමින් සිටිය යුතු බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
මේ අතර කොවිඩ් ආසාදිතවූ දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම සඳහා1390 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා නිදන්ගත රෝග හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයන්ගෙන් පෙළෙන දරුවන් අනිවාර්යෙන්ම රෝහල්වලට යොමු කළ යුතු බවද සඳහන් කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවෝ එකසිය පනස් දෙනක් පසුගිය සතිය වනවිට ඇතුළත් කරනු ලැබ සිටියහ .
ආසාදිත දරුවන් වරින් වර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම නිසා එම සංඛ්‍යාව මේ වනවිට තරමක් අඩුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට
fairoos Wednesday, 11 August 2021 08:16 PM
කෝ අපේ සර්? එයා කරපුවද මේවා? ඩබල් PHD වෙන්න ඇති...