(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසල අද (27) දිනයේ ආරම්භ කර ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එම පාසලේ විදුහල්පතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් මින්නේරිය ජාතික පාසලේ විදුහල්පති කේ රණවිර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ කීය.
සුපුරුදු ලෙස පාසල අද දින ආරම්භ කලා. නමුත් වෙනදා මෙන් දරුවන් පාසලට පැමිණ සිටියේ නැ. පාසල ආරම්භ වෙලා ටික වෙලාවක් ගියා විතරයි දෙමාපියන් පැමිණ තම තමන්ගේ දරුවන් අරන් ගියා. මෙහෙම වෙන්න හේතුව වුනේ අපේ කලාප කාර් යාලයේ සේවකයෙකු කොව්ඩි 19 ආසාදිතයෙක් හමුවිමත් ඒ වාගේම ඊයේ දිනයේ කලාප කාර් යාලයට ආව ගිය 80 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයට භාජනය කලා. මේ විද්‍යාලයේ ගුරුවරුනුත් ඒ කලාප කාර් යාලයට ගියා. ඒ නිසා දෙමාපියන් බය වෙලා පාසලට පැමිණි දරුවන් ආපසු අරන් ගියා.
කෙසේ නමුත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාප බාර ටී.එ.ඩී.වයි. ගීතාංජලී අධ්‍යක්ෂිකාව මෙසේ පැවසුවාය.
හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපය තුල කිසිදු පාසලක් වහන්න කියලා මා උපදෙස් දිලා නැ. එ වාගේම උතුරු මැද පළාත් කාර්යාලයෙන් මාගේ කලාපයේ කිසිදු පාසලක් වහන්න කියලා මට උපදෙස් ලබා දිලාත් නැ. දෙමාපියන් විසින් පාසලට පැමිණ දරුවන් අරන් ගිය බවට මට තොරතුරු ලැබුණා .
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොවිඩ් ආසාදිතයකු පාසලට ආවැයි දෙමාපියෝ දරුවන් රැගෙන යති
සේන Friday, 27 November 2020 08:43 AM
ඇමතිලාට, උසස් නිලධාරීන්ට ප්‍රශ්නයක් නෑ. එයාලා එන්නේ තනි වාහනේ.... ඉන්නේ තනි කාමරේ. අපි ඉස්කෝල ඇරියා කියලා ලකුණු දාගන්න හදනවා. දරු දුක තියෙන්නේ දෙමාපියන්ට... ඉගෙන ගන්න පුළුවන් කවදා හරි... දරුවන් ආරක්ෂා වෙලා ඉන්න ඕනෑ...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 November 2020 08:44 AM
අනේ මන්දා මේ පාලන අංශවල මොළේ වැරදි තැනක පිහිටලාද තියෙන්නේ කියලා.රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන සාමාන්‍ය ප්‍රායෝගික බුද්ධිය නැහැ.මහා ලොකුවට ටයි කෝට් දාලා මහා වන්සෙන් කතාව.ඒ උනාට අධ්‍යාපනයේ තිබෙන මුල්ම වචනය වන පාසල යන වචනයද හරියට දන්නේ නැහැ. ඒක නිතර දෙවේලේ තොරතෝංචියක් නැතුව කියන්නෙත් පාසැල කියා වැරදි විදිහට. අඩුම තරමේ ඒකවත් හරියට කියන්න ඉගෙනගන්න. ඒක හෝ නොදන්නා මිනිසුන් රටේ අධ්‍යාපන පරිපාලනය ගැන හරිහැටි දන්නේ කෙසේදැයි විටෙක සැක සංකා මතුවෙනවා. රටකට ගිය කල...