
(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජලපෝෂක ප්‍රෙද්ශවලට ඊයේ රාත්‍රිෙය් සිට ඇදහැලුනු වර්ෂාවත් සමග කලාවැව ජලධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3.00 සිට වීවෘත කිරීමට කලාවැව ජලාශභාර කාර්යාලය කටයුතු කර තිබේ.
ඒ අනුව කලාවැව හදිසි වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින් මේ වනවිට විවෘත කර තිබේ.
අද පස්වරු 3.00 සිට එම හදිසි වාන්දොරටු විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබිණ. අද සවස් වනවිට කලාවැවේ සමස්ථ ජල ප්‍රමාණය අක්කර අඩි 84582 ක්ව පැවැතින. හදිසි වාන් දොරටු විවීත කිරීමත් සමග එමගින් තත්පරයට ඝණ අඩි 2017ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරේ.
දඹුලුඔය ඇතුලු ජලමුලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 5101ක පමණ ප්‍රමාණයක් කලාවැවට එක්වෙමින් පවතින බවද කලාවැව ජලාශ බාර කාර්යාලය පවසයි.
පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේදී තවදුරටත් එම හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයේන් සිටින ලෙසත් ආපදා අවම කර ගැනීඹට කටයුතු කරන ලෙසත් කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කලමණාකරන ඒකකය දැනුම්දීමක් සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලා වැවේ දොරටු ඇරේ
sam Saturday, 09 December 2023 10:40 AM
සතියක් පායනකොට වතුර නෑ.