IMG-LOGO

‘‘කල් නොමරා හරියට විමර්ශනය කරන්න‘‘

(චමින්ද වැවතැන්න)

විමර්ශන වල අඩුපාඩු කියමින් කල් නොමරා සිද්ධිය පිළිබඳව හරියට විමර්ශන කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ කෑගල්ල මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය මෙම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම අද ප‍්‍රතිෙක්‍ෂප කළාය.

ඉන්ධන නොලැබීම සම්බන්ධයෙන් රඹුක්කන පැවැති උද්ඝෝෂණයකදී පොලිසිය කළ වෙඩි තැබීමකින් තරුණයකු මිය යෑමේ සිද්ධියට අදාළ පැමිනිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින කෑගල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා එල්ල වීමට හා මහජන උද්ඝෝෂණ සිදුවිය හැකි බව සඳහන් කරමින් ඔවුන් ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළාය.

මෙම අපරාධයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප‍්‍රගතිය එදින වාර්තා කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අවධාරණ කළ මහෙස්ත‍්‍රතත්වරිය මේ රටේ විමර්ශනයක් කිරීමට මෙරට ඇති බලවත්ම ආයතනය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ ඇති දැඩි විශ්වාසය පලූදු වන ආකාරයට කටයුතු නෙකරන ලෙසද දැනුම් දුන්නාය.

ඉන්ධන ඉල්ලා රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හළ ආසන්නයේ පසුගිය 19 වැනිදා පැවැත්වු උද්ඝෝෂණයේදී චමින්ද ලක්ෂාන් නමැති 41 හැවරිදි දෙදරු පියකු මිය ගොස් එම උද්ඝෝෂනයට එක්වු තවත් 13 දෙනෙක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ පැමිණ’ල්ල කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කැඳවන ලදී”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”

 



අදහස් (0)

‘‘කල් නොමරා හරියට විමර්ශනය කරන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 188 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 695 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site