IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට

 

( හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය  තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ පනහක් බවද ඔහු ප්‍රකාශ කළේය. මෙයට අමතරව වෙළඳ අමාත්‍යාංශයේ මාසික කුලිය ලක්ෂ 65 ක් බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා  මෙසේ පැවසුවේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේදී ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම මිල නිවාස වලට නොගිය බවත් විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
 



අදහස් (6)

කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට

Samarasingha Friday, 06 December 2024 12:36 PM

මේකනම් නොපමාව ක්‍රියාත්මක කරන්න අවශ්‍යම දෙයක් තමයි .මොකද මේ හරහාත් දූෂණ හා වංචා අනන්ත සිදුවෙනවා. දේශපාලුවො හා ඉහළ නිළධාරින් මේ මගින් ලාභ ප්‍රයෝජන ගැනීම වෙනවා

:       0       62

සෙනෙවිරත්න Friday, 06 December 2024 12:44 PM

මේවගේ යහපත් ප්‍රවනතා අගය නොකර තාවකාලික ගැටලු වන හාල් පොල් වලම එල්ලෙමු

:       4       53

Sugath Friday, 06 December 2024 12:47 PM

යා යුතු මාර්ගය එයයි. ඔබට හැකි තැන්වල මුදල් ඉතිරි කරන්න. එම බදු මුදල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා හොඳ ව්‍යාපෘතියකට යොදවන්න. NPP ලබන ප්‍රගතිය දැකීමෙන් අපි සතුටු වෙමු..!

:       2       50

රුවන් Friday, 06 December 2024 09:00 PM

මමත් දන්න ලංකාවේ හිටිය ජනප්‍රිය නිළියකට අයිති බිල්ඩිමට රජය ලක්ෂ 10-20ක් ගෙවනවා. හැබැයි ඇති කාර්යාලයක් නෑ. මේවා තමයි සුපිරි සුදු අලි. රටක් බංකොලොත් නොවි තියෙයිද?

:       0       0

Bunny Preena Saturday, 07 December 2024 09:43 AM

බොහොම හොද කියාවක්... හිටපු වංචනික තක්කඩි දේශපාලුවන්ගේ ගෝල බාලයින්ට සැහෙන පාඩුවක් සද්ද වෙයි...

:       0       3

kumara Saturday, 07 December 2024 11:04 AM

වැල් පාලමේ ගියපු ලොක්කන්ට සහ ගෝලයින්ට මේවා පෙනුනේ නැද්ද? බත්කන හරක්ට මේවා පේන්නේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site