IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි

(යොහාන් භාසුර)

2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇප මුදල් තැන්පත් කළ අවස්ථාවේදී ඇප තැන්පත් කළ පුද්ගලයාට නිකුත් කළ ලදුපතේ මුල් පිටපත සහ තැන්පත් කළ ඇප මුදල් නවැත ඉල්ලීමේ ලිපිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් අදලා ඉල්ලුම් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නොපමාව ඇප මුදල් ගෙවන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පාළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව මෙම ඇප මුදල් නැවත ගෙවන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් කියයි.  



අදහස් (2)

කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි

සෙනෙවිරත්න Wednesday, 19 February 2025 06:20 PM

සජබෙ අයට ඉස්සරවෙලාම දෙන්න මහත්මයා, සතේට හිඳිලා ඉන්නේ. පරාදවෙන අයට උදව්කරන මුදලාලිලා දැන් නැහැ. ඔය ටික ලැබුණොත් ඊළඟ ඡන්දෙට ඇප තියන්නම්... නැත්නම් ඉල්ලන්නේ නැතිව තමයි ඉන්න වෙන්නේ... කොහොමත් පරදින එකේ..., ඒකේ වරදකුත් නැහැ...

:       3       6

sunil Thursday, 20 February 2025 06:36 AM

සජබේ පරද්දලා දිනවන්න යන්නේ සර්වජනයාද? ඒගොල්ලොත් පල් හොරු නේද ? ප්‍රජතන්ත්රවාදය ගැන හිතුවට, දැන් තියෙන විධියේ පාලනය වුනත් පසුගිය දේශපාලකයෝ කරපු නස්පැත්තිය ගැන බැලුවහම අවුලක් නැහැ. මතක නැද්ද වෙල් ගොඩ කරා. තමන්ට ඕන අයගේ උවමනාවන්ට අනුව, අනෙකුත් සංවර්ධන යට මුල් තැන දුන්නා. විශාල මුදලක් වියදම් කරා

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 166 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site