IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්

(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද(06) සොයා ගනු ලැබීය.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබිණි.

කලාවැව ජාතික උද්‍යානයට අයත් බලලුවැව ඉස්මත්තේ ගල්ගොඩවල ප්‍රදේශයේ ඇල මාර්ගයක පාවෙමින් තිබීය දී එම මළ සිරුර සොයා ගෙන තිබිණි.

සොයාගෙන ඇති මළ සිරුර නරක් වූ ස්වභාවයෙන් පැවැති අතර මළ සිරුරෙහි අත් දෙක හා එක් පාදයක කොටසක් දක්නට නොමැති අතර ඒවා කඹරයන් විසින් කා දමා ඇති බවට පොලිසිය අනුමාන කරයි.

මිය ගිය පුද්ගලයාගේ නමක් ගමක් වයසක් ඇතුළු අනන්‍යතාවයක් මෙතෙක් හෙළීව නොමැති අතර එය ස්වභාවික මරණයක් ද නැති නම් ඝාතනයක් ද යන්න ද මෙතෙක් නිශ්චිතව අණාවරණය කරගෙන නැත.

එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මගින් අද (06) පස්වරුවේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත් වූ අතර, එහිදී කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම්. කරුණාරත්න මහත්මිය ඉදිරියේ මළ සිරුර ඇලෙන් ගොඩ ගනු ලැබිණ.

ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ කැකිරාව මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිසියට ලබා දුන් නියෝගයකට අනුව  එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් අද (06) පස්වරුවේ කටයුතු කරනු ලැබීය.

කොට්ඨාස භාර පොලිස් අධීකාරී තිළීන හේවාපතිරණ මහතා ඇතුළු අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරීන් කන්ඩායමක් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ එම වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.  



අදහස් (1)

කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්

nandaana kumaara Sunday, 07 July 2024 07:56 AM

නිධානය ගන්න බිලි දුන්න කෙනෙක්ද කොහෙද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site