IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

එම සිසුවා  පොලියට යොමු කිරිමෙන් අනතුරුව  තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.

එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

 



අදහස් (11)

කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා

Dinesh Tuesday, 26 September 2023 06:48 PM

ඇයි අවවාද කර මුදා හරින්නේ .එයාට ඒවා ලැබුනේ කොහොමද මේවා ලැබුනේ කියලා හොයන්න ඕන

:       0       0

Sampath Tuesday, 26 September 2023 07:54 PM

මේවගේ දේවල් ළමයි කරන්නේ ඇයි කියායි හොයන්න ඕනේ .අනෙක ළමයට කසිප්පු කොහෙන්ද

:       2       11

Nimal ... Tuesday, 26 September 2023 08:36 PM

කිසි කතාවක් නෑ අනාගතයේ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් වෙනවා.

:       0       20

අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 09:12 PM

රනිල් රාජපක්ෂලා හැදුව රට, තව ටික දවසකින් ආරංචි වෙයි ශිෂ්‍යාවන් ගණිකා වෘතියේ යෙදෙනවා කියලා.

:       7       17

City Wednesday, 27 September 2023 12:31 PM

ඔබට පාසල් යන දියණියක් සිටිනවාද? ඔබ දෙමාපියෙක්ද?

:       0       0

Rasika Wednesday, 27 September 2023 06:40 AM

හොඳ ව්‍යවසායකයෙක්..

:       0       11

ඩයනා Wednesday, 27 September 2023 08:46 AM

ආඩම්බරයි පුතේ. රටක හෙට දවස පේනවා ඔයා වගේ අයගෙන්.

:       0       10

චිරන්ත Wednesday, 27 September 2023 10:11 AM

මම ඔය ප්‍රදේශයේ කෙනෙක් නොවුනත් කලවානේ ගම් කීපයක් සම්බන්ධ කවියක පද දෙකක් මෙහෙම තියෙනවා දන්න කෙනෙක් පිළිවෙළට ඉදිරිපත් කරන්න මම දන්න පද දෙක මෙහෙමයි මුට්ටියකින් අමුඩ ගැසූ මිනිහා පරගල ලොසින්ජරත් කලවානේ සිටුවා පැලකල ඉතින් තේරෙනවා නේද කලවානේ වැඩ

:       9       4

Bunny Preena Wednesday, 27 September 2023 01:39 PM

සිසුවාගේ ගෙදරත් ස්කාගාරයක් තියනවා ඇති ඒ දෙමව්පියන් විසින් පවත්වා ගෙන යන

:       0       2

kamal Wednesday, 27 September 2023 02:13 PM

කසිප්පු නරක දෙයක් නෙවේ. ලංකාවේ බුද්දිමත් ජනතාව බහුතරයක් ඡන්දෙ දෙන්නෙත් කසිප්පු මුදලාලිලාව සිටි පුද්ගලයන්ට. අනාගතයේ ඒ බුද්දිමත් ජනතාව අතර පිලිගැනීමක් ඇති පුද්ගලයකු වීමට මෙම සිසුවා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුවට පිවිසීමට එක් අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ඇත.

:       0       0

බද්රානි Wednesday, 27 September 2023 03:09 PM

මොනා උනත් පුතාට හොඳ අනාගතයක් තියනවා මේ රටේ...ලංකාවේ වැඩිහිටියෝ වපුරාපු බීජ වල සරු අස්වැන්න නෙලන දරුවෝ තමයි මේ... කාටද ආඩම්බර...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site