
(දිනේෂ් උපේන්ද්‍ර)
සිසුවියන් දෙදෙනකු ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය.
එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ මූදුකටුව මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ වර්ණකුලසූරිය සුලන්ත නිමේෂ් ප්‍රනාන්දු නැමැති 23 හැවිරිදි අයෙකි.
බී වාර්තාවක් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙය දැඩි නොසැලකිලිමත් රියධාවනය නිසා සිදු වූ අනතුරක් බවයි.
සැකකරු අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ බැලූ බැල්මට මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බවක් නොපෙණුන ද වැඩිදුර පරික්ෂණයක් සඳහා සැකකරුගේ ලේ හා මුත්‍ර සාම්පල් ලබාගත් බවපොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එහිදී පොලිසිය කියා සිටියේ සැකකරු පැය 24ක් නොනිඳා සේවය කර ඇති බව අනාවරණය වූ බවත් අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු එම අනතුර වලක්වාගන්නට දැඩි උත්සහයක් ගෙන ඇති බවත් අධිකරණයේදී කියැවිණි.
තද තිරිංග සලකුණ හා පාලමේ වැටටම හේත්තු කර නවතාගන තිබීමෙන් එය තහවුරු වූ බවයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ්
පිස්සු යකෙක් Thursday, 28 August 2025 05:03 PM
මීනීමැරුම් චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා ඇතුළට දාන්න ඕනෑ . නැත්නම් ඕකෙන් එළියට ඇවිල්ලා ඔයිටත් වඩා අපරාධයක් කරනවා. එතකොට අනික් අය නිකම්ම හැදෙන්නේ බයට...