
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය.
මෙහිදී පොලිසිය මගින් අදාළ සැකකරුවන් හත් දෙනා සඳහා පැය 48ක කාලයක් රැඳවුන් නියෝග ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
අදාළ අපරාධය සිදු වූ අතුරුගිරිය කඩුවෙල පාර ටැටූ ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටිමින් ඩුබායි රටේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවා හන්දි සංජීව පුෂ්ප කුමාර නොහොත් ලොකු පැටි යන අයගෙන් රුපියල් ලක්ෂ දාසයකට ආසන්න මුදලක් ලබාගෙන ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය අදාළ ස්ථානයට ගෙන්වීමට කටයුතු කිරීම යටතේ එහි හිමිකරු වන බලපිටියගේ දුලාන් සංජුල ද සිල්වා යන අය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.