(පද්මා කුමාරී කංකානම්ගේ )
එළැඹි කොරෝනා ඉසඹුවත් සමඟ යෝධ තල්මස් රංග ධරයින්,කල්පිටි සයුරු තෙරට පැමිණ රැගුම් පාති.
අප මේ පිළිබදව වන ජීවී දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ තල්මස් දැවැන්තයින් රැසක්ම මේ දිනවල කල්පිටි සයුර ආක්‍රමණය කර ඇති බවය.
මෙම තල්මසුන් අතර නිල් තල්මසුන් සහ මන්දා තල්මසුන් බහුල දැකිය හැකිබවත් ය.
තල්මසුන් නැරඹීමේ දී නිරීක්ෂකයින් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම හා නීතී කිහිපයක් ද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
තල්මසුන්ට ලංවිය හැකි උපරීම සීමාව මීටර සියයකි.ඝෝෂාකාරී ශබ්ද නැගීම හෝ ඔවුන් තමන් ආසන්නයට කැදවා ගැනීමට උත්සහ නොදැරිය යුතුය.
තල්මසුන්ගේ ස්වභාවික සංචරණ රටාවට බාධාවක් නොවන අයුරින් යාත්‍රාව හැසිර විය යුතුය.
කෝරෝනා තත්ත්වය පැවතිය ද සංචාරකයින් සදහා සාගර තවමත් විවෘත ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කල්පිටිය මුහුදේ තල්මසු රැඟුම්
rana Sunday, 01 November 2020 05:59 AM
"කොරෝනා තත්ත්වය පැවතිය ද සංචාරකයින් සදහා සාගර තවමත් විවෘත ය." මද සිහියෙන්ද මේ කතා?
abc Sunday, 01 November 2020 09:34 AM
සීබී ව හම්බ වෙන්න ඕනැ ඇති...
arschfikaa Sunday, 01 November 2020 08:37 PM
කොරෝනා තිබුනත් තල්මසුන් නරඹන්න ගිය හැකිය.
NImal Monday, 02 November 2020 07:24 AM
කෙසේ වුවද මෙම ඡායාරූපය ඉතා දුර්ලභ ඡායාරූපයක් බව කිවහැකියි. ස්තුතියි ලංකාදීප...