IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කල්පිටියේ කඩොලාන කපා කලපුවට දමා තාප්පයක් හදලා

 

(පද්මා කුමාරී කංකානම්ගේ)

 

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ කළපුව ආශ්‍රිතව කඩොලාන කපා කළපුවට දමා එක් රැයකින් තාප්පයක් ඉදිකර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.

මෙම ඉඩමේ හිමිකරු වශයෙන් පෙනී සිටින පුද්ගලයකු විසින් මෙසේ කඩොලාන කපා තාප්පය ඉදි කර ඇත.

මේ පිළිබඳව නොරොච්චෝල පොලිසියෙන් අප කරන ලද විමසීමකදී එහි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබදව වැඩිදුර විමර්ශණ සදහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට යොමු කළ බවත් ය.

කල්පිටිය ප්‍රදේශීය ලේකම් ඩී.ඒ.පී.ධනන්සූරිය මහතාගෙන් අප කළ විමසීමේ දී පැවසුවේ තමා එම ඉඩමේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ බව යි.

ඒ අනුව එම ඉඩම සින්නක්කර ඉඩමක් වශයෙන් හඳුනා ගත් බව ය. නමුත් කළපුවේ සිට මීටර 20 ක් පමණ දුරින් එනම් වෙරළ කළාපය තුළ ඉදිකිරීමක් සිදුකර ඇති බව පැවසීය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඒ සදහා නිසි අවසරයක් ලබා ගෙන ඇත් දැයි, සොයා බලන බවත් කඩොලාන කැපීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුවත් කර ඇති බවත් පරීක්ෂණ සදහා නිළධාරීන් පැමිණීමට නියමිත බවත්  වැඩිදුරටත් පැවසුවේය.



අදහස් (3)

කල්පිටියේ කඩොලාන කපා කලපුවට දමා තාප්පයක් හදලා

Rasika Tuesday, 02 March 2021 09:43 AM

මම පුද්ගලිකවම අත්දැකීමෙන් කියන්නේ... පුත්තලම සහ කල්පිටියේ ඉඩම් බොහොමයක් බොරු ඔප්පු හදාගෙන තියෙන්නේ. යුද්ධය කාලේ කිසිකෙනෙක් ඔය පළාත් ගැන හොයලා බැලුවේ නැහැ. ඒ නිසා ගොඩක් මිනිස්සු පුත්තලමේ ඉන්න ලෝයර්ලාට කියලා ඔප්පු ලියා ගත්තා.

:       2       15

Perera Tuesday, 02 March 2021 11:29 PM

නීතියක් නැති ජරාජීර්ණ වුණු රටක් ලෙස ස්ථාපිත වූ රටක් දැන් ලංකාව...අපේ නායකයින්ට ජයවේවා..!!! 

:       0       11

nihal Wednesday, 03 March 2021 08:10 PM

ධනංසූරියගේ ස්ථානීය පරීක්ෂණය සහ සනත් නිශාන්තගේ නිරීක්ෂණ චාරිකාවත්... දෙකම එකම ලක්ෂණ. නූගත් කපටීන් තනතුරුවල වගකීම් දරණ අයුරු...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site