(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් ධීවර රැකියාවේ නිරත වු කල්පිටිය හා කන්දකුලිය ධීවරයන් අට දෙනකු ඔවුන් ගමන් කළ යාත්‍රා සමග ඉන්දිය ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකරමින් ඉන්දීය මුහුදු සිමාවට ඇතුල් වී මසුන් මරමින් සිටි කල්පිටිය හා කන්දකුලිය ප්‍රදේශවල ධීවරයින් 8 දෙනකු හා ඔවුන් ගමන් කල කුඩා ධීවර යාත්‍රා 4 ක් සමග මෙසේ ඉන්දීය ආරක්ෂක අංශ විසින් 24 දින දහවල් අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
මෙසේ ඉන්දීයන් ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය වි.එස්.එම්.ප්‍රනාන්දු ,ඊච්චංකාඩුව වි.ඒ.ඒ.ජූඩ් මැල්සන් ප්‍රනාන්දු ,කන්දකුලිය වි.පි.රංග කුමාර් ධීවර ගම්මානය කන්දලිය, සිල්වෙස්ටර් කෘස් කන්දකුලිය,එච්.ඩී.ආර්.ඩයස් වන්නිමුන්දලම,කේ.කේ.ඩබ්ලිව් ප්‍රනාන්දු උච්චමුනෙයි පල්ලියවත්ත ,එච්.ජීවන්ත ආනවාසල,ඒ.ඒ.ආර්. ප්‍රනාන්දු යන ධීවරයින් අට දෙනකු බව කියයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ බාරයේ