IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිලිනොච්චයේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

(  සිතුම් චතුරංග)

කිලිනොච්චිය , පරන්තන් හි නිවසක ළිඳක් පිරිසිදු කිරීමේදී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (20) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පසුගිය 18 වැනිදා ළිඳ සුද්ධ පවිත්‍ර කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති අතර නිවැසියන් ඒ පිළිබඳ කිසිවෙකුට දැණුම්දී නොමැති අතර යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පොලිසිය හා එක්ව සිදුකළ පරීක්ෂාවකදී පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

ටි.56 ගිනි අවි සඳහා යොදාගන්නා පතරොම් විශාල ප්‍රමාණයක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ පහක් , විද්‍යුත් ඩෙටනේටර් , ටි 56 ගිනි අවියේ මැගසීන් එකොලහක්, පතරොම් බහලුම් කිහිපයක් සහ පරිඝනක හාඩ් ඩිස්ක් , පරිඝනක කොටස් ඇතුළු විදුලි උපකරණ කොටස් කිහිපයක් හමුව ඇති බව පොලිසිය පැවසීය.

යුද සමයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය හා පරිඝණක කොටස් මෙලෙස හමුව ඇති බවත් ඒවා දැඩිලෙස දිරාපත්ව තිබෙන බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ නිවසේ හිමිකරු ආරක්ෂක අංශවෙත දැණුම්දීම සඳහා ප්‍රමාදවූ හේතුව කුමක්ද කියා විමර්ශන සිදුකරන බවත්ය.

 



අදහස් (3)

කිලිනොච්චයේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

සේනක ඉතාලිය Sunday, 20 August 2023 04:59 PM

එහෙනම්, අනිවාර්යයෙන්ම ඡන්දයක් ළඟයි. රනිල් රාජපක්ෂලාගේ ඊළඟ නාටකය...

:       5       11

Bamunuarachchi Monday, 21 August 2023 08:17 AM

ඉතාලි ජෙප්පෙකුට තද වෙලා වගේ. පව්! LTTE යුද්දේ කාලේ කොහේද දන්නේ නැහැ හිටියේ? තාත්තා ගාව වෙන්න ඇති.

:       2       2

sachithMonday, 21 August 2023 09:04 AM

හොඳම දේ මේ නාට්‍යවලට රැවටුණා වගේ ඉන්න එක... නැතිනම් මේ කට්ටිය ආයෙම පාරක් කොහෙ කොහේ බෝම්බ පුපුරවලා රට බේරාගන්න අන්තිම අවස්ථාවට ඡන්දෙ දෙන්න කියලා කියයි..

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site