IMG-LOGO

කිලිනොච්චිය දියවරෙන් පුරවන්න වැව් දෙකක් එකට යා කරයි

(අංජුල මහික වීරරත්න)

කිලිනොච්චියේ වැව් දෙකක් එකට යා කොට සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 70ක් වෙන් කර තිබේ.

කිළිනොච්චියේ ඉනොච්චි වැව හා තෙලිකරෙයි වැව් දෙක මෙි අනුව සංවර්ධනය කෙරෙයි.

උතුරු පළාත සඳහා ක්‍රියාත්මක කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ මෙම වැව් දෙක  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ලබන මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම උතුරු පළාතෙන් ආරම්භ කළ බව සඳහන් කළේය.

මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොරවලින් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 200ක් දැනටමත් යාපනයට එවීමට කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

කිලිනොච්චිය දියවරෙන් පුරවන්න වැව් දෙකක් එකට යා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site