(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවදානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයකු විසින් දේශීය බෝම්බ නිෂ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමඟ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වී ඇත.
මේ අනුව සැකකටයුතු ප්‍රදේශයන් හදිසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුළු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කර සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කිලිනොච්චියෙන් බෝම්බ හමුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව තර කෙරේ
Nissanka Tuesday, 07 July 2020 07:23 AM
ඡන්දයක් ළඟ එනකොට තමයි මේ ඔක්කොම... මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා ඡන්ද කඩාගන්න.
karu Tuesday, 07 July 2020 07:29 AM
මේ සියල්ල ඡන්දය වෙනුවෙන් ජාතිවාදීන් අටවන ලද උගුල්.. අහුවෙන්න එපා. මේ සැරේ කබර පවුල ගෙදරම යැවිය යුතුයි.
siri Tuesday, 07 July 2020 08:10 AM
"ඕවා ඡන්දෙන් පස්සේ ආයේ අහන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ" කියලා කවුදෝ කියනවා ඇහුණා.
Binkunndaa Tuesday, 07 July 2020 08:19 AM
ආයේ ත්‍රස්තවාදය එනවා කියලා ඡන්දෙ ගන්න කරපු ගුණ්ඩුවක්ද දන්නේ නැහැ.
Puppa Tuesday, 07 July 2020 08:19 AM
බෝම්බත් පුපුරයි ඡන්ද කිට්ටුකරලා... පේන විදිහට මේ සැරේ චූඩා මාණික්‍යයක් අරගෙන නාරජු එන්නේ නැතිපාටයි...
MOHOMED Tuesday, 07 July 2020 08:52 AM
මෙච්චර කල් LTTE වළදාපු බෝම්බ හම්බවුණු ආරක්ෂාව තර කරාද? ඡන්දයක් ළඟ එනකොට ඩ්‍රාමා පටන්ගන්නවා.
අනුර Tuesday, 07 July 2020 08:53 AM
අපේ ජනාධිපතිතුමා ඉන්නකං ඔය සිද්ධීන් සිදුවුණාට කිසිඳු බියක් දැනෙන්නේ නෑ... නිකං අපේ තාත්තා ගෙදර ආවා වගේ.
Asanka Tuesday, 07 July 2020 09:00 AM
මට තේරෙන්නේ නැහැ ඡන්දෙ කිට්ටුවෙද්දිම ඇයි මේ බෝම්බ උතුරෙන් හම්බවෙන්නේ කියලා..?
WARUNA Tuesday, 07 July 2020 10:12 AM
ඔය කථා වලට රැවටුනේ ඉස්කෝලේ යන කාලේ.
Demuni Uduwara Tuesday, 07 July 2020 08:09 PM
ඡන්දෙත් ළඟයිනේ දැන්...!!!
Perera Wednesday, 08 July 2020 03:20 AM
සිරාව ජනාධිපතිකරගත්තාම ඔහොම තමයි. අපේ සර් ජනාධිපති වුණා නම් ඔහොම වෙන්නේ නැහැනේ..
Nimal Hettiarachchi -London Wednesday, 08 July 2020 11:49 AM
මැතිවරණය කිට්ටු වෙනකොට තව තව දේ එළියට ඒවි... ජාත්‍යන්තර කුමන්ත්‍රණ, කොටි නැගිටීම් දෙමළ ඩයස්පෝරා , ජාත්‍යන්තර අධිකරණය , මේවා සමාජ ගත නොකර සුනාමි සල්ලි, මාවිලාරු ගොවි වන්දි, සිරිලිය ගිණුම, මල්වානේ නිවස ගැන කතා කරන්නෙයි.. ඔහෙලව අන්දන්න මේ ඇත්තෝ මොනවා හරි දෙයක් කියන්නත් එපැයි..
H.M.J.P Wednesday, 08 July 2020 02:41 PM
මේවා සැලසුම් සහගත මජර දේශපාලන වැඩ... ඡන්දෙ කිට්ටුනේ.. මේ නිසා තමයි උතුරේ මිනිහයි, දකුනේ මිනිහයි භේද වෙලා තියෙන්නේ.. ජාති භේදය කිරීම තමයි ඡන්ද තුරුම්පුව..