(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම පිහිටි ඓතිහාසික ‘කලුදිය පොකුණ‘ පූජා භූමියට ඇතුළු වීමට ඇති මාර්ගය මාස දහයක් පමණ කාලයක් ගිලා බැස ඇතත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ අපහසුතාවයට පත්ව සිටිති.
රහතන් වහන්සේලා 500 නමක් වැඩ සිටි මෙම ඓතිහාසික කලුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩලම කුඹුක්කඳන්වල ප්‍රදේශයේ පිහිටා තිබේ.
මනරම් පොකුණු දෙකක්, චෛත්‍ය ගර්භ කිහිපයක් හා සියයකට ආසන්න ගල්ගුහා සහිත මෙම භූමිය අක්කර සියයකට වඩා අති විශාල භූමියක මෙය පිහිටා ඇත.
මේවා නැරඹිම සඳහා සීගිරිය, කණ්ඩලම ආදී ප්‍රදේශවල සංචාරයෙහි යෙදෙන දෙස්-විදෙස් සංචාරකයින් පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.
එහෙත් මෙම ස්ථානයට ළඟාවීමට ඇති එකම මාර්ගයේ බෝක්කුවක් කඩාවැටීම හේතුවෙන් දැනට මාස දහයක පමණ කාලයක සිට එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
ඇතැම් සංචාරකයන් අතරමග වාහන නවතා පාගමනින් ගොස් මෙම පෞරාණික ස්ථානය දැක බලා ගන්නා බව එහි සේවය කරන පුරාවිද්‍යා සේවකයෝ පවසති.
සේවකයන් පවසනුයේ මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.
තුන්වැනි සේන රජතුමා විසින් නිර්මාණ කළ කලුදිය පොකුණ ඓතිහාසික ස්ථානයක් බව එහි සෙල්ලිපිවල සඳහන් ව තිබේ.
මෙය දැඩි විනයක් සහිත ස්ථානයක් බවත්, මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයන් රැසක් සිටි බවත්, ඔවුන් සිය සේවා කාර්යයන් නිසි ලෙස නොකළහොත් ඊට දඬුවම් වශයෙන් මෛත්‍රී බුදුන් දැකීමට නොහැකි වන බවත් එම සෙල්ලිපිවල සටහන් කර ඇත.
විනාශ වූ පාලම නැවත සකසා මාර්ගය අලුත්වැඩියා කර දී කලුදිය පොකුණ නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ ගමන් පහසුව සපයන්නැයි පුරාවිද්‍යා නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු රජයෙන් ඉල්ලා සිටිති.




2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කලුදිය පොකුණ‘පුජා භූමියේ මාර්ගය ගිලා බැසීමෙන් සංචාරකයෝ අපහසුතාවයට