
(ලක්මි කුඩලිගම,ප්‍රේමතිලක පෙරමුණ සහ ජේ.ඉඳුරුවගේ)
කළු ගංගාවේ කුඩා ගඟ ද්‍රෝනියේ ඉහල ප්‍රදේශවලට ලැබී ඇති සහ තවමත් ලැබෙමින් පවතින පවතින සැලකිය යුතු ඉහල මට්ටමේ වර්ෂාපතනය හේතුවෙන්බුලත්සිංහල,මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ඉදිරි පැය 24 ක් දක්වා කාලය තුළ එම ද්‍රෝනිය ආශ්‍රිත සුලු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කුඩා ගඟ තැන්න හා පහත් බිම් මෙන්ම ඒ ආශ්‍රිත අතුරු මාර්ග ගංවතුරෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින හෙයින් ඒ ආශ්‍රිත ජීවත්වන ජනතාව සහ මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහන රියදුරන් මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
කුකුලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා කුඩා ගං දෝනියේ ජල මට්ටම සෙමෙන් ඉහල යමින් පවතින අතර බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දඹල, නාලියද්ද යන ප්‍රදේශ මේ වන විට ජලයෙන් යට වෙමින් පවතින නිසා කුඩා වාහන ගමනාගමනයට බාධාපැමිණ ඇත. එසේම ඉහල වෙල්ගම ප්‍රවේශ මාර්ගයද ජලයෙන් යටවී ඇත.
වර්ෂාව ලැබීමේ වැඩිවීමක් සිදුවුවහොත් ජල මට්ටම ඉහළ යාම සිදුවිය හැකි නිසා පහත්බිම වල වාසය කරන්නන් අවධානයෙන් පසුවන මෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටි.

2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතරට සුළු ගංවතුර අවදානමක්