
(කුෂාන් ජයවර්ධන)
මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘‘කෝලිත‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය කපා ගෙන ගොස් ඇතැයි රිටිගල වනසත්ව අඩවි කාර්යාලය කියයි.
ප්‍රදේශවාසීන් රිටිගල වනජීවී කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව වනජීවීන් කෝලිතගේ සිරුර සොයාගෙන ඇත.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණීලි කර තිබේ.
වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගළයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතකු බවද වනජීවී නිලධාරීහු පවසති.

2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝලිතට වෙඩි තබා දළ යුගළ කපාන යයි
Samitha S. Aluthgamage Saturday, 20 May 2023 05:35 PM
සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ අහිංසක සතුන්ට ගිනිබිඳ මරාදමන මස්වැද්දන් අල්ලා එතැනම මරා දැමීමට හැකි නීතිරීති සකස් කළ යුතුයි.
ලුම්බිණි Saturday, 20 May 2023 05:50 PM
ඉතාම කණගාටුදායකයි... මේ වගේ දේවල් කරන තිරිසනුන්ට මොන දඬුවම දුන්නත් මදි...
Mama mamama thamay Sunday, 21 May 2023 11:27 AM
තිරිසන්නු කියන්න එපා බ්‍රෝ .තිරිසන්නු කියන්නේ මේ වගේ අහිංසක සත්තුන්ට .මේවා කරපු උන්ට කියන්නේ සක්කිලි අවජාතකයෝ කියලා
කසුන් Saturday, 20 May 2023 06:26 PM
සංචාරක ආකර්ෂණය දිනාගෙන හිටියා කියලා දැනගෙන හිටියා... නම් වරද වනජීවි දෙපාර්තමේන්තුවම බාරගන්න ඕනේ... අර අප්‍රිකානු අලි රකින්නේ ඒ රටවල වනජීවී නිලධාරින් ගිනිඅවි අරන් දිවා රෑ... අවුරුදු 15 කියන්නේ තවම මොන වයසක්ද?
K,g, sumanadasa , Sunday, 21 May 2023 04:24 AM
ඔය දළ දෙක හෙට ලොකු දේදේශපාලකයන්ට හෝ ලොකු පන්සලකට විකුනන්න පුලුවන් ,ගජමුතු අල්ලපු පොලිසියට මොකද දැන් උනේ