කැලණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක්වන ‘කැලණි සවිය’ වැඩසටහනට තවත් සිසුන් 55දෙනකු බඳවාගැනීම පසුගියදා සිදු කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව පවත්වන්නකි.
විශ්වවිද්‍යාලීය සහතිකයක් පිරිනමන එකම විදුලි කාර්මික පුහුණු වැඩසටහන වන්නේද මෙම ‘කැලණි සවිය’ වැඩසටහන වන අතර එහි සියලු පිරිවැය කැලණි කේබල්ස් සමාගම විසින් දරනු ලබයි. මෙම 2022 දී අවසන්වීමට නියමිතව තිබූ ‘කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කිරීම හේතුවෙන් මෙම නව සිසු කණ්ඩායම බඳවාගැනීම සිදුවිණි.
වසර 2007දී මෙම ‘කැලණි සවිය’ වැඩසටහන සමාරම්භ කෙරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය, එස්.බී.එස්. අබේකෝන් හා කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් කිරීමෙනි. එම පස් වසරක අවබෝධාත්මක ගිවිසුමට අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන අවසන්වීමට නියමිත වූයේ 2012 වසරේදීය.
මෙම විශිෂ්ට විදුලි කාර්මික පාඨමාලාව මෙරට යෞවනයන්ගේ අනාගත අභිවෘද්ධියට ලබාදෙන සහයෝගය හා එයින් ඔවුන්ට විවර වන දෙස් විදෙස් රැකියා අවස්ථාවල වටිනාකම කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා විසින් මැනවින්ම හඳුනා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 2012 සිට 2017 දක්වාද, වසර 2017 සිට 2022 දක්වාද, වසර 2022 සිට 2027 දක්වාද තෙවරක්ම දීර්ඝ කිරීමට මහින්ද සරණපාල මහතා විසින් පියවර ගනු ලැබීය.
‘කැලණි සවිය’ වැඩසටහනට තවත් සිසු කණ්ඩායමක් බඳවාගැනීමේ අවස්ථාවට එක්වෙමින් කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා මෙසේ පැවසීය.
“කැලණි සවිය’ වැඩසටහනෙන් විශ්වවිද්‍යාල සහතිකයක් ලබා පිටවන සිසුන්ට දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා බහුලව ලැබෙන්නක්. එවැනි වැඩසටහනකට සහයෝගිතාව දැක්වීමට ලැබීම ප්‍රබල වටිනාකමකින් යුත් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් පවත්වන සමාගමක් ලෙස කැලණි කේබල්ස් සමාගමට ආඩම්බරයක්. එමෙන්ම මෙම සිසුන්ගේ වගකීම වන්නේ මෙවැනි ඵලදායි මෙහෙවරකින් උපරිම ඵල ලබා තම වෘත්තීය අනාගතය සාර්ථක කරගැනීමයි.
595
පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘කැලණි සවිය’ට තවත් සිසුන් 55ක්