IMG-LOGO

කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ  සිදු වූ රිය අනතුරින් කැලණිය  විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනා ඇතුළු හය දෙනකු  තුවාල ලබා ඇතැයි මීරිගම රෝහල් පොලිසිය කියයි.

ගයන්ත මහතා ඇතුළු පවුලේ පිරිස කුලී වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මීරිගම සිට කිලෝමීටර් පහක් පමණ කුරුණෑගල දෙසට වන්නට බෝයවලානට නුදුරු ප්‍රදේශයේ දී සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක් වෑන් රිය ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (3)

කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට

Nimal 1 Wednesday, 19 March 2025 12:00 PM

ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. අපේ ශෝකය මොහුගේ බිරිඳට සහ දරුවන් වෙත පලකරමු. ඡායාරූපවලින් නම් පේන්නේ වරද වෑන් රථයේ රියදුරුගේ බවයි.

:       0       17

Uduli Wednesday, 19 March 2025 12:57 PM

ගුරුතුමනි ඔබතුමාට නිවන්සුව ලැබේවා.

:       0       20

sugath Wednesday, 19 March 2025 05:22 PM

ලංකාවේ අධිවේගී මාර්ග වල රාත්‍රී ගමන් කිරීම ඉතාමත් අවදානම් සහිතයි. අධිවේගී මාර්ගය දිගටම ආලෝකවත් කර නොමැති අතර සමහර වාහන වල පිටුපස ලයිට් නැහැ. තමන්ගේ සහ පවුලේ උදවියගේ ආරක්ෂාව සඳහා, අධිවේගී මාර්ග දවල් කාලයේ පමණක් භාවිතා කිරීම නුවණට හුරුයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 24 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site