(අංජුල මහික වීරරත්න)
කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දරුණු ලෙස හායනය, පහළ නිම්නවල අවසාදිත තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, භූමි පරිහරණ රටාවන් වෙනස් වීම, නාගරීකරණය, කාර්මීකරණය, ජල පෝෂක ප්‍රදේශ දූෂණය සහ ජල ගුණාත්මක භාවය පිරිහීම ආදී සාධක හේතුවෙන් විශාල පාරිසරික ගැටලු වලට මුහුණ දෙමින් සිටී.එම කරුණු සැලකිල්ලට ගනිමින්, කැලණි ගඟ සඳහා සරල හා ආන්තික උප ජලාධාර තොරතුරු වලින් සමන්විත කළමනාකරණ සැලසුම් ඇතුළත්ව ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ජලපෝෂක ප්‍රදේශ නගා සිටු වීම සඳහා ඒ සම්බන්ධිත ආයතන සහ ජල පෝෂක ප්‍රදේශ වල ජනතාව සමඟ එක්ව එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, "Clean Sri Lanka" වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යොදා ගෙන 2025 සහ 2026 වර්ෂයන් තුළ කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කර මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය
Ekanayake Tuesday, 17 June 2025 11:34 PM
ලෝක බැංකු අරමුදල් සහිත CResMPA ව්‍යාපෘතිය ද එයම කරයි.
Bunny Preena Wednesday, 18 June 2025 08:50 AM
දැනටම මාස 6ක් ඉවරයි . කියව කියවා ඉන්නේ නැතිව ඉක්මනින්ම වැඩ පටන් ගන්න
රුවන් Wednesday, 18 June 2025 01:23 PM
බනී මහත්තයෝ 1947 කැළණි ගඟ ආශ්‍රිත ගංවතුර සැලැස්මට පස්සේ කරපු සැලසුම් ටික කියන්නකෝ? අඩුම කළු ගඟ හරි? 1938-2024 වෙනකං කෝමා තත්ත්වයේ ද හිටියේ?